ඇත්තටම විදුලි ගාස්තුව අඩු කරනවද නැද්ද..? අවසන් තීරණය කොමිසම දන්වයි..

Report

ඉදිරි මාස හය සඳහා විදුලි ගාස්තුව සංශෝධනයකින් තොරව පවත්වාගෙන යා යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට කළ දැනුම්දීමට පාර්ශ්ව රැසක් විරෝධය පළකරයි.

වැස්ස ලැබී ජලවිදුලිය උත්පාදනය පවා ඉහළ අගයක පවතින පසුබිමක එහි වාසිය ජනතාවට නොදෙන්නේ ඇයිදැයි බලධාරීන් පැහැදිලි කළ යුතු බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.මාස තුනකට වරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ප්‍රතිපත්තිය අනුව මේ වසරේ අවස්ථා දෙකකදී විදුලි ගාස්තු අඩු කළේය.

ඒ මාර්තු මාසයේ 21.9%කින් සහ ජුලි මාසයේ 22.5%කින්. අනතුරුව ඉකුත් ඔක්තෝබර් මාසයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමට නියමිතව තිබුණද, එය දෙසැම්බර් මාසය දක්වා කල් ගියේය. අවසානයේ, මහජන උපයෝගිතා කොමිසම විසින්, ලංකා විදුලි බල මණ්ඩලය 6%ත් 11%ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු පහළ දැමීමට කළ යෝජනාව ප්‍රතික්ෂේප කළේය.

මුදල් නෝට්ටුවලින් ප්‍රබලයෙකුගේ රුව ඉවතට..!

මුදල් නෝට්ටුවලින් ප්‍රබලයෙකුගේ රුව ඉවතට..!

ඒ පවතින තත්ත්වය මත ඊට වැඩි ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කළ හැකි බව පවසමින්. මෙවන් පසුබිමක ඊයේ නැවතත් ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වුණේ ඉදිරි මාස 6 සඳහාද විදුලි ගාස්තු පහළ දැමීමකින් තොරව පවත්වාගෙන යා යුතු බවටයි.

දැනට විදුලි ගාස්තුවේ සංශෝධනයක් සිදුකරන්නේ නම් එය සිදුකළ හැක්කේ 1.02%ක් වැනි අඩු ප්‍රතිශතයකින් බවට විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති බවයි, මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ.

කෙසේ වෙතත් විදුලි ගාස්තු පහළ නොදැමීමේ යෝජනාව සම්බ්න්ධයෙන් පාර්ශ්ව රැසක් විරෝධය පළකරයි.

සහල් මිල අහස උසට..එළවලු මිලත් කරට කර..මහ බැංකුව නිකුත් කළ එක් එක් භාණඩ වලට දෛනික මිල වාර්තාව..

සහල් මිල අහස උසට..එළවලු මිලත් කරට කර..මහ බැංකුව නිකුත් කළ එක් එක් භාණඩ වලට දෛනික මිල වාර්තාව..

පසුගිය සමයේ ඇදහැලුණු දැඩි වර්ෂාවත් සමග ජලවිදුලිය නිෂ්පාදනයට යොදාගන්නා ජලාශවල ජල මට්ටමද මේ වනවිට ඉහළ ගොස් ඇති අතර, ඊයේ දිනය වනවිට ජලවිදුලි නිෂ්පාදනය දැක්වුණේ 56%ක් ලෙසයි. කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලයේ යෝජනාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය ලබන ජනවාරි මස 3 වැනි සතිය පමණ වනවිට ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේය.

………………………………………………………………………………

You may like this video 👇