සුරූපී තරුණිය හෝටල් කාමරයට ගෙන්වා බොස් තරුණියට කරපු වැඩේ ලීක් වෙයි..
කොළඹ තරු පහේ හෝටලයකදී 48 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයකු තමා යටතේ සේවය කළ 35 හැවිරිදි තරුණ සේවිකාව බරපතළ අයුරින් දූෂණය කර තිබෙන බව අධිකරණ වෛද්‍ය වාර්තාව මගින් අනාවරණය වූයේ යැයි පොලිසිය අධිකරණයට දන්වා සිටිනවා.
පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ, මෙම සිද්ධියට අදාළව කොළඹ කිරුලපන ප්‍රදේශයේ ශිෂ්‍ය වීසා මත තරුණ තරුණයන් වැඩිදුර අධ්‍යාපනය සඳහා යුරෝපා රටවලට යැවීමේ ආයතනයක් පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරික අරුණ ප්‍රියංකර නමැති සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
දූෂණයට ලක්වූ බව කියන තරුණිය පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සිය ආයතනය විසින් සංවිධානය කරන ලද විශේෂ සාකච්ඡාවක් කොළඹ පිහිටි ප්‍රධානතම තරු පහේ හෝටලයක පැවැත්වෙන බැවින් ඊට සහභාගි වන ලෙස සැකකාර කෝටිපති ව්‍යපාරිකයා තරුණියට දැනුම් දී ඇති බවයි පොලිසිය දන්වා සිටියේ .
ඒ අනුව සැකකරු එම හෝටලයේ රැස්වීම් ශාලාවක් කල්තියා වෙන් කරගෙන තිබී ඇති අතර, තරුණ සේවිකාව එම ශාලාවට ගිය අවස්ථාවේදී දොර වසා ඇති සැකකරු ඇයව දූෂණයට ලක් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා සමග පැමිණිලිකාරිය සිය කැමැත්තෙන් එම ස්ථානයට ගොස් සිටි බවයි දන්වා ඇත්තේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප 2 ක් මත මුදාහරින ලෙස නියෝග කර තිබේ.
