හැමෝම බලන් හිටපු රනිල්ට එරෙහි නඩුව අදයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය දිනයේදී අත්අඩංගුවට ගත් අතර නැවත අගෝස්තු 26 වන දින අධිකරණයට ඉදිරිපත්විය යුතු බව නියෝග කළේය.
එයට අනුව රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව තිබේ.
නමුත් අත්අඩංගුවට ගැනීමෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරීම මත බන්ධනාගාර රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයටත් ඇතුලත් කෙරුණි.
මේ වනවිටත් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහු අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් විය යුතුය.
නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මත අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරනවාද? නැද්ද? යන්න පිලිබදව විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මඟින් ඔහු අධීක්ෂණය සිදුකර නිර්දේශ ඉදිරිපත් කරන බව පැවසුවේය.
ඊට අනුව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කල විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඊයේ පස්වරුවේ නිකුත් කළ වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් මෙසේ පැවසුවේය.