මාතර වෙඩිතැබීමක් - වෙඩික්කරු හා දරුණු පොරබැදීමක්
මාතර පොලිස් වසමේ වෙරළ පාර ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් අවන්හලක හිමිකරුවෙකුට වෙඩිතැබීමක් සිදුකර පලා ගිය පුවතක් වාර්තා වේ.
මෙම වෙඩි තැබීම ඊයේ (25) රාත්‍රීයේ සිදු වූ අතර වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිතා කර ඇති බවත් වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවත් පොලීසිය පවසයි.
මෙම වෙඩි තැබීමට ඉලක්ක වූ අවන්හලේ හිමිකරු වෙඩික්කරු සමග පොර බදා ඇති අතර ඉන් මිදී සැකකරු පලාගොස් තිබේ.
ගිනිඅවිය, සජීව පතරොම් 4ක් සහ හිස් කොපුවක් එම වෙඩිතැබීම සිදුකළ ස්ථානයේ තිබී හමුව තිබේ.
මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර ගිනිඅවිය, සජීව පතරොම් 4ක් සහ හිස් කොපුවක් එම ස්ථානයෙන් හමු වූ බව මාතර පොලීසිය පවසයි.