මං හිතුවේ මගේ කොන්ද හරි කැඩිලා ඇති කියලා..එක්තැන් වෙලා ඉන්නේ නැති එක ගැන මට සතුටුයි, බුකිය කළඹපු වීඩියෝව ගැන හිමාලි කිව්ව කතාව [VIDEO]
පහුගිය දවස්වල සමාජ මාධ්‍යයේ හිමාලි සිරිවර්ධන කියන කලා තරුවගේ වීඩියෝ එකක් වයරල් වෙනවා.
මේ නිසා ඇය ගැන විවිධ කතා සමාජ මාධ්‍ය ඇතුළේ ඇහෙනවා. ඇත්තටම ඇය මුහුණ දීලා තිබ්බේ හදිසි අනතුරකට.
මේ නිසාම ඇයට ආදරේ කරන බොහෝ රසික පිරිසක් ඇය ගැන හොයලා බලනවා. ඒ වගේම තව සමහරු "ඇය රෝහල්ගත කරලා" , "ඇය අසාධ්‍ය තත්වයේ පසු වෙනවා.." වගේ කතාත් පතුරනවා.
ඉතින් ඔන්න අවසානේ කොහොම හරි හිමාලිම මේ වීඩියෝව ගැන අදහස් දක්වලා තියෙනවා.

වසන්ත සමරසිංහ ඒලෙවල්වලින් දිස්ත්‍රික්කේ තුන්වෙනියලු, සුදුසුකම් කියලා බලෙන්ම මාලිමා මන්ත්‍රී අත්පුඩිත් ඉල්ලයි
"මේ වෙනකොට සුව වෙමින් ඉන්නේ.. ඇත්තටම මට ලොකු ඩැමේජ් එකක් වුණේ නැහැ.. ඒත් තැලීම්, සීරීම තුවාල එහෙම තියනවා.. ඒත් ගොඩක් දරුණු විදිහට වැටුණු හින්දා ඇඟේ වේදනාව තවම තියනවා.. ඒ අවස්ථාව එක්ක බලනකොට මේ වෙද්දී මට ඇත්තටම පොඩි සුවයක් දැනෙනවා..මේ සිද්ධිය වුණේ පසුගිය 12 වැනිද..මම ෂූට් එකකට ගියා.. අපිට මේකප් කරන්න දීලා තිබුණේ එතන උඩ තමයි, ඉතින් මේකප් කරලා කොණ්ඩේ හදලා මං පහළට බැස්සේ ෂූට් එකට යන්න.. ඒ වෙලාවේ වැහැලා තිබුණේ, ඒ නිසා පඩිපෙළ තෙමිලා.. මගේ සෙරෙප්පුව ලිස්සලා වැටුණා.. ඇත්තටම එතන අල්ලගන්න වත් තැනක් තිබුණේ නැහැ..ඇත්තටම මං ඒ වෙලාවේ වැටිච්ච ගමන් මං ඉක්මනට නැගිට්ටා.. ඇත්තටම එක සීන් එකකට තමයි මං එදා ගියෙත්.. වැටුණට පස්සේ මම හිතුවේ ලොකු ඩැමේජ් එකක් වෙලා ඇති කියලා.. මං හිතුවේ මගේ කොන්ද හරි කැඩිලා ඇති කියලා.. ඒ නිසා මං එකපාරටම නැගිටින්න උත්සාහ කළේ නැහැ.. මට ඉක්මනට කරන්න පුළුවන් ප්‍රථමාධාරත් එතනදී ලබාදුන්නා..
මං ගොඩක් වෙලා එතන රෙස්ට් කළා.. මගේ මුහුණට මල් පෝච්චියක් වැටුණා.,. ඒත් මුහුණට මුකුත් වෙලා තිබුණේ නැහැ.. පොඩි පොඩි තැලීම් ටිකක් තමයි තිබුණේ.. ඒවට අයිස් තියලා අවශ්‍ය මූලික දේවල් එතනදී සිදුවුණා.. ඒ ලොකේෂන් එකේ හිටිය අයට, ඒ ගෙදර අයට ස්තූති කරන්න ඕන මම, හොඳට ඒ අවස්ථාවේ කරන්න ඕන හැම දෙයක්ම ඒ අය කළා.. ඊට පස්සේ තමයි මම රෝහලට ආවේ මේ ගැන පරීක්ෂා කරගන්න.. එතකොට මං බැලුවා මොනවාහරි වෙලා තියනවාද කියලා එක් රේ කරලා.. මේ සිද්ධියට පස්සේ දවසේ තමයි මේ වීඩියෝ එක ශෙයා වෙලා තිබුණේ.. වැරදි තොරතුරු එක්ක විවිධ ගොසිප් හැදිලා තිබුණා, මේ ගෙදර වැටිලා එහෙම කියලා එක එක කතා.. සමාජ මාධ්‍ය තුළ සැරිසරපු ඇතැම් වීඩියෝවල තිබුණා මට ගොඩක් අසාධ්‍යයි, රෝහලේ තමයි මම ඉන්නේ කියලා.. ඉතින් ඒකත් එක්ක ක්ෂේත්‍රයට සම්බන්ධ ගොඩක් දෙනෙක් කතා කළා.. මට වඩා මගේ පවුලේ අයට කතා කරලා සුවදුක් විමසලා තිබුණා.. මම හොස්පිටල් කියලා හිතාගෙන.. ඉතින් ගොඩක් ස්තූතිවන්ත වෙනවා මං ඒ අයට.. මොකද අපිට කරදරයක් කියලා දැනගත්තාම එහෙම පිරිසක් අපිත් එක්ක ඉන්නවා කියලා දැණුනාම ඒ හයිය, ඒ සතුට ඇත්තටම මට දැනුණා.. මගේ සුවදුක් විමසන්න කතා කරපු හැම කෙනෙක්ගේම කෝල්ස් මං පුළුවන් හැම වෙලාවකම ආන්සර් කළා.. බැරි වුණු කෙනෙට මැසේජ් එකක් හරි දැම්මා.. මොකද මට කරදරයක් කියලා හිතාගෙන නේ මේ හැමදෙනාම මට කතා කරන්නේ.. මම හොඳින් කියලා කියන්නයි මට ඕන වෙලා තිබුණේ.. ඒ හැම දෙනාටම ඒ අවශ්‍ය පිළිතුර මම දුන්නා.. සතුටුයි එහෙම පිරිසක් මාත් එක්ක ඉන්නවා කියන එක..ඒ වගේම මට කියන්න තියෙන්නේ මොකක් හරි නිවුස් එකක් දැක්කොත් ඒ ගැන හරියට හොයලා බලලා ඒ දේවල් පළකරන්න කියලා.. මොකද නැත්තං අපිට ආදරය කරන අය බය වෙනවා..
තව සමහර අය හිතනවා මේ ෂූට් එකක් කියලා.. ඒත් එක්කම තව දෙයක් කියන්න ඕන.. මං සාමාන්‍යයෙන් කමෙන්ට් බලන කෙනෙක් නෙවෙයි.. ඒත් මේ වීඩියෝ එකට වැටිලා තියන සමහර කමෙන්ට් මං බැලුවා.. ඒවගේ තිබුණා, "ෆෝන් එක ඔබ ඔබ යනවා හොඳ වැඩේ", "හොඳ පාඩමක්" කියලා සමහර දේවල්.. මම ෆෝන් එක බැලුවේ මගේ මේකප් එක කරනකල් විතරයි.. එතනට එනකොටම මම ෆෝන් එකේ බලබල හිටපු වීඩියෝ එක ඕෆ් කරනවා.. මං දැක්කා පඩිපෙළේ වතුර තියනවා කියලා... ඒ නිසා ෆෝන් එක ඕෆ් කරලා තමයි මම බහින්නෙත්.. මට හිතුනා මෙහෙම ගියොත් වැටෙයි කියලා.. මොකද වැහැපු නිසා ඒ පඩිපෙළේ හොඳටම වතුර තිබුණා.. ඉතින් මං දැක්කා ඒ වගෙ කමෙන්ට්ස්.. සාමාන්‍යයෙන් මම මං ගැන හිතන කෙනෙක්.. ඒ නිසා මොකක් හරි සිද්ධියක් වාර්තා කරනවා නම් පොඩ්ඩක් ඒ ගැන හොයලා බලලා වාර්තා කරනවා නම් හොඳයි. ඇත්තටම ඒ වැටිච්ච විදිහට මම නම් හිතුවේ දෙවියන්වහසේ මාව ආරක්ෂා කරනවා කියලා විතරයි.. මට ඒ සිද්ධිය වෙනකොට හිතන්න වත් වෙලාවක් තිබුනේ නැහැ.. එතන පහළ කොන්ක්‍රීට් එකක් තිබුණා.. මගේ කකුල් දෙක උඩින් ඇවිල්ලා වගේ තමයි මම වැටුණේ.. මගේ ඔළුව පහලට ගියා වගේ මතකයි.. ඒ ඇරෙන්න ඒ සිද්ධිය ගැන වෙන කිසිම දෙයක් මට මතක නැහැ.. ඉතින් එච්චර දරුණු විදිහට වැටිලා මම අද මෙහෙම ඉන්නවා කියන එක ගැන, එක්තැන් වෙලා ඉන්නේ නැති එක ගැන මට සතුටුයි.. මට කතා කරපු හැම කෙනෙක්ම කිව්වේ ඒක ගැනයි.."






