යූ ටියුබ් කරන අයට මෙන්න විශේෂ නිවේදනයක්
ඉකුත් සති කිහිපය තුළ සමාජ මාධ්‍ය හරහා අධිකරණ සේවා කොමිෂන් සභාව සහ අධිකරණ පද්ධතියේ විෂය පථයට අයත් කාරණා පිළිබඳව පළ වී ඇති අදහස් සම්බන්ධයෙන් නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව එම නිවේදනය මඟින් නීතිඥ සංගමය අධිකරණ කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් වන බවත් එය ඉතා වගකීම් සහගත අන්දමින් කාලාන්තරයක් මුළුල්ලේ නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවත් සඳහන් කරයි.
ඒ අනුව යූ ටියුබ් වැනි සමාජ මාධ්‍යයන් හරහා අදහස් පළ කිරීමේදී හා නීතියේ විෂය පථයට අදාළ කරුණු වාර්තා කිරීමේ දී සුපරික්ෂාකාරී අන්දමින් කටයුතු කරන ලෙසත් අසත්‍ය පුවත් වාර්තා කිරීම නීතියට පටහැනි බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා තිබෙනවා.
