බොරලැස්ගමුව මනුෂ්‍ය ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

Sri Lanka Police Crime Gun Shooting Latest Headlines Sinhala news
By Ashfa Aug 26, 2025 01:59 AM GMT
Ashfa

Ashfa

Report

බොරලැස්ගමුව පොලිස් වසම තුලදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් හා තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පාසල් වැහෙයිද? ගුරුවරුත් වර්ජනයක් කරන්න සුදානම් වෙයි

පාසල් වැහෙයිද? ගුරුවරුත් වර්ජනයක් කරන්න සුදානම් වෙයි

ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් 24 වනදා අළුයම් කාලයේ බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේ පා ගමනින් ගිය පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකර ඇත.

ඉන් අනතුරුව සිදුවූ ඝාතන අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් විමර්ශන ආරම්භ කර තිබේ.

මෙන්න මේ ලග්න හිමියන් අද දවස ප්‍රවේශමෙන් කටයුතු කරන්න

මෙන්න මේ ලග්න හිමියන් අද දවස ප්‍රවේශමෙන් කටයුතු කරන්න

විමර්ශනයේදී හෙළිවූ තොරතුරු වලට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අපරාධයේ වෙඩික්කරු ලෙස ක්‍රියාකල සැකකරුව ඊයේ (25) දහවල් මහරගම පොලිස් වසමේ නාවින්න ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 550 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

රෝහලේදීම රනිල් ඝාතනය කිරීමේ උත්සහයක්? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

රෝහලේදීම රනිල් ඝාතනය කිරීමේ උත්සහයක්? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත. මේ වනවිට බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.