ජනපතිවරණය ගැන විශේෂ සාකච්ඡාවකදී බැසිල්ට රතුකට්ට පනී..අවසානයේ ජනපති ගත් තීරණය මෙන්න.

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි මැතිවරණ ව්‍යාපාරයට රාජපක්ෂ පාර්ශ්වය එක්කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ පාර්ශ්වය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක පාර්ශ්වය දැඩි විරෝධයක් එල්ල කර තිබෙන බව වාර්තා වනවා.

ඔවුන් ජනාධිපතිවරයා වෙත සහය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හට සෘජුවම දැඩි විරෝධයක් එල්ල කළ බවයි වාර්තා වන්නේ.

ජාතික හැඳුනුම්පත ගැන පැතිර යන අලුත්ම ආරංචිය මෙන්න..ජුනි 30ට පෙර අනිවාර්යෙන් මේ දේ කරන්න..

ජාතික හැඳුනුම්පත ගැන පැතිර යන අලුත්ම ආරංචිය මෙන්න..ජුනි 30ට පෙර අනිවාර්යෙන් මේ දේ කරන්න..


ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මහින්දානන්ද අලු‍ත්ගමගේ, වජිර අබේවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක්ද එක්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා සමග සිටින පාර්ශ්ව එකට එක්වී ජනාධිපතිවරයාට සහය දෙන්නේද නැතිනම් තනි තනිව සහය දෙන්නේද යන ගැටළුව මෙහිදී මතුව තිබේ.

"කරණීය මෙත්ත සූත්‍රය" ගැන සමාජ මාධ්‍යයේ පැතිර යන ආරංචිය මෙන්න..සියලු බෞද්ධයින් අවධානයෙන් ඉන්න..

"කරණීය මෙත්ත සූත්‍රය" ගැන සමාජ මාධ්‍යයේ පැතිර යන ආරංචිය මෙන්න..සියලු බෞද්ධයින් අවධානයෙන් ඉන්න..


මෙම සාකච්ඡාව සඳහා නිමල් ලන්සා පාර්ශ්වය සහභාගී නොවූ අතර ඔවුන් සහ දුමින්ද දිසානායකගේ පාර්ශ්වය රාජපක්ෂවරුන් ඡන්ද ව්‍යාපාරයට එක්කර ගැනීමට විරුද්ධ බවයි ප්‍රකාශ කර ඇත්තේ.

සාකච්ඡාවේදී ඊට එක්වූ පාර්ශ්ව බැසිල් රාජපක්ෂට පෙන්වා දී ඇත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සහය දුන් අයුරින් පිටත සිට සහය ලබා දීම තම පාර්ශ්වයට ප්‍රශ්නයක් නොවන බවයි.

මැරුණ පුද්ගලයෙක්ට යළි පණ ආපු හැටි මෙන්න..වෙන්නප්පුවෙන් වාර්තා වෙයි..

මැරුණ පුද්ගලයෙක්ට යළි පණ ආපු හැටි මෙන්න..වෙන්නප්පුවෙන් වාර්තා වෙයි..


එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දැඩි කෝපයෙන් අදහස් දක්වා තිබෙන අතර, පසුව ඒ පිළිබදව සාකච්ඡා කර අදාල තීරණය දැනුම් දෙන බව ජනාධිපතිවරයා පවසා ඇති බවයි වාර්තා වන්නේ.