"කරණීය මෙත්ත සූත්‍රය" ගැන සමාජ මාධ්‍යයේ පැතිර යන ආරංචිය මෙන්න..සියලු බෞද්ධයින් අවධානයෙන් ඉන්න..
කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගෙන රචනා කරන ලද "කරණීය මෙත්ත සූත්‍රයේ" විකෘති පිටපතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.
එමෙන්ම මේ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවද පරීක්ෂණයක් ද කැඳවා ඇති බවයි, බුද්ධශාසන ඇමැති විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් පැවසුවේ.