ජාතික හැඳුනුම්පත ගැන පැතිර යන අලුත්ම ආරංචිය මෙන්න..ජුනි 30ට පෙර අනිවාර්යෙන් මේ දේ කරන්න..

Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lanka Cabinet Technology
By Aruna Jun 20, 2024 03:31 PM GMT
Aruna

Aruna

Report

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහා හැඳුනුම්පත් මුද්‍රණය කිරීම පිණිස අවශ්‍ය පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන පහක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ප්‍රතිසම්පාදනය සම්බන්ධයෙන් වූ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රතිසම්පාදන කමිටුවේ නිර්දේශය සහ ඒ පිළිබඳ වන ප්‍රතිසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් එකී ප්‍රතිසම්පාදනය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වනවා.

"කරණීය මෙත්ත සූත්‍රය" ගැන සමාජ මාධ්‍යයේ පැතිර යන ආරංචිය මෙන්න..සියලු බෞද්ධයින් අවධානයෙන් ඉන්න..

"කරණීය මෙත්ත සූත්‍රය" ගැන සමාජ මාධ්‍යයේ පැතිර යන ආරංචිය මෙන්න..සියලු බෞද්ධයින් අවධානයෙන් ඉන්න..


එසේම ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකිවන පරිදි නව ප්‍රතිසම්පානයක් ක්‍රියාත්මක කර සුදුසු සැපයුම්කරුවකු තෝරා ගනු ලබන තෙක් පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ් පත් අත්‍යවශ්‍ය ප්‍රමාණය පමණක් පෙර සැපයුම්කරුගෙන් නැවත ඇනයුමක් වශයෙන් ලබා ගැනීම සඳහාත් අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ අනුව, පෙර සැපයුම්කරු වෙතින් මිලදී ගතයුතු කාඩ්පත් ප්‍රමාණය සම්බන්ධයෙන් අදාළ නිර්දේශය ලබා ගැනීමට හා සැපයුම්කරු විසින් ඉදිරිපත් කරනු ලබන මිල යෝජනාව ඇගයීම සඳහා ව්‍යාපෘති කමිටුවක් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කරනු ලබන බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානුවත් වහ වැටුන ලංකාවේ ඩැනීගේ අමුතුම ජින් පානය මෙන්න..

ඕස්ට්‍රේලියානුවත් වහ වැටුන ලංකාවේ ඩැනීගේ අමුතුම ජින් පානය මෙන්න..


එකී කමිටුවල නිර්දේශ මත පදනම්ව පෙර සැපයුම්කරු වන just in time technologies වෙතින් නැවත ඇනවුමක් වශයෙන් පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන දෙකයි දශම තුනක් මිලදී ගැනීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

මේ අතර, ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවා ඇති පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජුනි 30 අවසන් වීමට නියමිතව තිබෙනවා.

උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වී ඇති පුද්ගලයින් වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ජී.ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා මීට පෙර පවසා තිබුණේ.

මත්පැන් පාවිච්චි කළ 16 ක් මරුට..70කට අධික පිරිසක් රෝහල්ගත කෙරේ..ඉහළ යා හැකි මරණ ගණන ගැන අනතුරු ඇඟවීමක්..

මත්පැන් පාවිච්චි කළ 16 ක් මරුට..70කට අධික පිරිසක් රෝහල්ගත කෙරේ..ඉහළ යා හැකි මරණ ගණන ගැන අනතුරු ඇඟවීමක්..


තව ද, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පසුගිය මාර්තු මස 31 වෙනි දින දක්වා එම හැඳුනුම්පත් නිකුත් කිරීම ක්‍රියාත්මක වූ බවත්, එම කාල සීමාව දීර්ඝ කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉදිරිපත් වී තිබූ ඉල්ලිම් සැළකිල්ලට ගෙන මෙම ජුනි 30 දක්වා දීර්ඝ කළ බවයි.