CID එකේ රනිල් දේශනයක් දාපු හැටි.. රනිල් කියන්නේ බ්‍රෙන්ඩ් එකක්

CID - Sri Lanka Police Ranil Wickremesinghe Latest Headlines Sinhala news gagana news
By Shehan Jun 14, 2025 05:43 AM GMT
Shehan

Shehan

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවනු ලැබූ බව අපි දන්නවා. මෙම කැඳවීම සිදුව ඇත්තේ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේදී ප්‍රමිතියෙන් තොර ඖෂධ තොගයක් ගෙන්වීමේ චෝදනාවට අදාළව, එම ගෙන්වීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත් ආකාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහාය.

ලෙඩ්ඩුන්ට සොරි තමයි...මෙහෙම ගියොත් ඉස්පිරිතාලවල මිනිස්සු මැරිලා වැටෙයි...

ලෙඩ්ඩුන්ට සොරි තමයි...මෙහෙම ගියොත් ඉස්පිරිතාලවල මිනිස්සු මැරිලා වැටෙයි...

CID හමුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා, තමන්ව මෙසේ කැඳවීමට හේතුව විමසා ඇති අතර, එහිදී CID නිලධාරීන් පවසා ඇත්තේ, එම ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියට කැබිනට් අනුමැතිය ලබාගත් ආකාරය පිළිබඳ තොරතුරු ලබාගැනීම මෙම කැඳවීමේ අරමුණ බවයි.

එහිදී, රනිල් වික්‍රමසිංහ මහතා CID නිලධාරීන්ට පැහැදිලි කර ඇත්තේ, කැබිනට් මණ්ඩල තීරණ සම්බන්ධයෙන් මෙවැනි ආකාරයේ විමර්ශන සිදුකිරීම නීති විරෝධී බවත්, කැබිනට් තීරණ පිළිබඳ තොරතුරු බාහිර පාර්ශ්වයකට ලබාදීමේ හැකියාවක් අධිකරණයට පවා නොමැති බවත්ය.

ඇමරිකාවේ ගුවන් යානයක් ධාවන පථයෙන් ලිස්සා යයි

ඇමරිකාවේ ගුවන් යානයක් ධාවන පථයෙන් ලිස්සා යයි

ඔහු අවධාරණය කර ඇත්තේ, කැබිනට් තීරණවල රහස්‍යභාවය ආරක්ෂා විය යුතු බවත්, එවැනි තීරණවලට එකඟ හෝ එකඟ නොවූ සාමාජිකයින් පිළිබඳ තොරතුරු බාහිර පාර්ශ්වයකට ලබාදීමට නම්, එය කැබිනට් මණ්ඩලයේ සියලු සාමාජිකයින්ගේ එකඟතාවයෙන් පමණක් සිදුවිය යුතු බවත්, එසේ නොවුණහොත් එය නීති විරෝධී බවත්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින්, හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, කැබිනට් මණ්ඩලයට අදාළ නීති පිළිබඳව ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් (Sir Ivor Jennings) විසින් රචිත ග්‍රන්ථයකින් උපුටා දක්වමින්, මෙවැනි විමර්ශන එම නීතිවලට පටහැනි බවයි. ඔහු විහිලුවට ලක් කරමින් පවසා ඇත්තේ, මෙලෙස විමර්ශන සිදුවන්නේ නම්, තමන්ට එම ග්‍රන්ථය රැගෙනවිත් නීතිපතිවරයාට නීතිය පැහැදිලි කිරීමට සිදුවන බවයි.

අලුත් ජීවිතයක් අරඹා දින දෙකයි – ගුවන් අනතුරකින් අහිමි වූ ආදරය

අලුත් ජීවිතයක් අරඹා දින දෙකයි – ගුවන් අනතුරකින් අහිමි වූ ආදරය

CID හමුවට කැඳවනු ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා, එහි කෙටි වේලාවක් රැඳී සිට, ඉහත කරුණු පැහැදිලි කර පිටව ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරලා තිබුණා. එමෙන්ම, ඔහු ඊට පෙර දින, එනම් ජූනි 11 වන රාත්‍රියේ රුසියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බව ද වාර්තා වේ.

මෙම සිදුවීම, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන යන ඖෂධ ගෙන්වීමේ චෝදනාවලට අදාළ විමර්ශනවල තවත් පියවරක් ලෙස සැලකේ. එම චෝදනාවලට අනුව, එම ඖෂධ තොගය ප්‍රමිතියෙන් තොර වූ බවට චෝදනා එල්ල වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් CID විසින් පුළුල් පරීක්ෂණයක් සිදුකරමින් පවතී. හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශ, කැබිනට් තීරණවල රහස්‍යභාවය සහ ඒවාට අදාළ නීතිමය සීමාවන් පිළිබඳව යළිත් වරක් සමාජ කතිකාවක් ඇති කිරීමට හේතුවී ඇත.

අදත් අකුණු සහිත වැසි – ජනතාවට අවධානයක්

අදත් අකුණු සහිත වැසි – ජනතාවට අවධානයක්

ReeCha