රනිල්ගේ ලන්ඩන් නඩුවේ බරපතළ ගැටලුවක් - හිතලම හිර කරාද නැත්තම් අතපසුවීමක්ද කියලා ලොකු සැකයක්
එක්සත් ජාතික පක්ෂයේ නීතිඥ සංගමයේ උප ලේකම්, නීතිඥ දිනේෂ් විදානපතිරණ විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී, ස්ථාපිත අන්‍යෝන්‍ය නීති සහයෝගීතා ප්‍රතිපාදන (Mutual Legal Assistance) භාවිත කිරීමට අපොහොසත් වීම බරපතළ ගැටළුවක් බව පවසයි.
ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය මඟින් කොළඹදී සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දිනේෂ් විදානපතිරණ මහතා සඳහන් කළේ, "අපරාධ නඩු විධි විධාන යටතේ විදේශීය රටවලින් සාක්ෂි ලබාගැනීම සඳහා පැහැදිලි යාන්ත්‍රණයක් සපයන අපරාධ කටයුතු පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගීතා පනතේ 13 වැනි වගන්තිය මගහැර තිබෙනවා.
වැලිකඩට දැම්මට වැලිකඩ ඉඩමත් අයිති රනිල්ගේ පවුලට - රනිල් කියන්නෙ ලේසි බඩුවක් නෙමෙයි - හිරේට දැම්මොත් සාපේ වදිනවා
මෙම ප්‍රතිපාදනය මඟින් ශ්‍රී ලංකා බලධාරීන්ට විදේශීය අධිකරණ, නඩු පවරන බලධාරීන් හෝ පරිපාලන ආයතනවල සහය පැතීමට අවසර ලැබෙනවා.
එසේම, විදේශීය අධිකරණ බල ප්‍රදේශවලින් සාක්ෂි ලබාගැනීම හා ලේඛන සහ සංචාරක වාර්තා ලබාගැනීම සදහා, නීති ප්‍රතිපාදන මෙම පනත මඟින් හිමිවෙනවා.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරය පිළිබඳ ගැටලු පවතී නම්, අසම්පූර්ණ දේශීය සාක්ෂි මත යැපෙනවා වෙනුවට බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් නිල වශයෙන් සාක්ෂි ඉල්ලා සිටිය හැකිව තිබුණා.
කොළඹ නගරාධිපති බල්තසාර්ගේ නමත් කළු වෙයි - ගල් අඟුරු ටෙන්ඩරේ යෝෂිතගේ යාළුවගේ නෙවේ බල්තසාර්ගේ මස්සිනාගෙලු
එසේ නිසි ක්‍රියාමාර්ග භාවිතා නොකර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර මහත්තයා ලියුමක් යවලා විස්තර ඉල්ලුවයි කියලා නිවැරදිව එම තොරතුරු ලැබෙන්නේ නැහැ.
ඒකට නිසි ක්‍රමවේදයක් තියෙනවා ජාත්‍යන්තරය පිළිගත්.
ඒ ක්‍රමවේදය අනුවයි එම තොරතුරු ලබාගත යුත්තේ. මෙම විමර්ශන කටයුතු ඉදිරියට යත්ම මෙම ප්‍රතිපාදන මගහැරියේ හිතාමතාද නැතහොත් අතපසුවීමකින්ද යන කරුණ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය පිළිබඳ පොදු මතයටද තීරණාත්මක බලපෑමක් එල්ල කිරීමේ හැකියාවක් පවතිනවා."