රඹුක්කන දී පොලිස් උණ්ඩයට බිළිවූ චමින්දගේ අවසන් කටයුතුවලට මොකද උනේ..? කෑගල්ල දිස්ත්‍රික්කයට ත්‍රිවිධ හමුදාවත් දාලා..

Report

රඔුක්කන පොලිස් බල ප්‍රදේශයේ ඉකුත් 19වනදා පැවති විරෝධතාවක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ නාරන්බැද්ද, හිරිවඩුන්න පදිංචි චමින්ද ලක්ෂාන් නමැත්තාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(22) සිදු කෙරෙනවා.

ඒ, දේවාලේගම පොලිස් වසමේ නාරන්බැද්ද හිරිවඩුන්න ප්‍රදේශයේදීයි. දේහය භූමදානය කර අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමට ත්‍රිවිධ හමුදා සහය ලබා දෙන ලෙසයි පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා තිබුණේ.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කය ද ආවරණය වන පරිදි මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙනවා.

ලබන සෙනසුරාදා දක්වා දේවාලේගම, රඔුක්කන සහ කෑගල්ල පොලිස් බල ප්‍රදේශවල සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදා සහය ලබාගනු ඇති.

මේ අතර රඔුක්කන පොලිස් බල ප්‍රදේශයේ ඉකුත් 19වනදා සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පූර්ණ විමර්ශනයක් කරන ලෙස පොලිස්පති සී ඩී වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්්‍ය පොලිස්පති ඩබ් තිලකරත්න වෙත නියම කර තිබෙනවා.

එම සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරාගෙන දින 03ක් ඇතුලත අතුරු වාර්තාවක් ලබාදෙන ලෙසයි පොලිස්පතිවරයා දන්වා ඇත්තේ.

මේ අතර රඹුක්කන ප්‍රදේශයේ ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට ඊයේ පියවර ගැනුණා.

එලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ කෑගල්ල ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි, රඹුක්කන පොලිස් අධිකාරි සහ රඹුක්කන පොලිස් ස්ථාධිපතිවරයාටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join