“ලක්ෂ තුනටත් හිරේ යන තත්ත්වයක් තියෙන්නේ” - රාජිතගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක්

Report

පවතින ආණ්ඩුවට රට හැදීමේ වැඩපිළිවෙළක් නොමැති බව හිටපු ඇමති රාජිත සේනාරත්න පවසනවා.එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරයට සහභාගි වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.

“එගොල්ලන්ගේ හොරකම් කරපු මිනිස්සු ගැන මොකුත් නැහැ. විපක්ෂයේ කට්ටියවම තමා දඩයම් කරන්නේ. ලක්ෂ තුනටත් හිරේ යන තත්ත්වයක් තියෙන්නේ. අපි ඒකාබද්ධව ක්‍රියා කරනවා. ඒක අදියරෙන් අදියරට අපි කරනවා.” එසේම, විපක්ෂයේ බය වූ කට්ටියත් සිටින බවත්, බය නොවුණු කට්ටියත් සිටින බවත් ඔහු ප්‍රකාශ කළා.

නාමල් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, “නැහැ ඉතින්, මොකක්ද? කාගේ හරි ලියුමක් ඉදිරිපත් කළාම, දිවුරුම් ප්‍රකාශයත් එක්ක නිකන් අත්අඩංගුවට ගන්නවා.”

විදෙස් ගමන් තහනම් කෙරූ ප්‍රේමලාල් කාටත් හොරෙන් රට පැනලා - විශේෂ විමර්ශනයකින් සියල්ල එළියට

විදෙස් ගමන් තහනම් කෙරූ ප්‍රේමලාල් කාටත් හොරෙන් රට පැනලා - විශේෂ විමර්ශනයකින් සියල්ල එළියට

හෙට සිට පාසල් පටන් ගනී- සිසුන් වෙනුවෙන් ‘සිසු සැරිය’ ඇතුළු බස් රථ සේවාවලත් විශේෂ වෙනසක්

හෙට සිට පාසල් පටන් ගනී- සිසුන් වෙනුවෙන් ‘සිසු සැරිය’ ඇතුළු බස් රථ සේවාවලත් විශේෂ වෙනසක්