විදෙස් ගමන් තහනම් කෙරූ ප්‍රේමලාල් කාටත් හොරෙන් රට පැනලා - විශේෂ විමර්ශනයකින් සියල්ල එළියට

Report

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පැනවීමට මත්තෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා දිවයිනෙන් බැහැරව ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේදී දේශපාලන රැස්වීමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය විසින් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට මරණීය දණ්ඩනය නියම කර තිබුණි.

පැය 24ක් යනතුරු වලංගු අතිවිශේෂ නිවේදනයක් - ලංකාව පුරාම අද සහ හෙට වෙන දේ මෙන්න

පැය 24ක් යනතුරු වලංගු අතිවිශේෂ නිවේදනයක් - ලංකාව පුරාම අද සහ හෙට වෙන දේ මෙන්න

කෙසේ වෙතත්, එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ අභියාචනාධිකරණය පසුව ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

අභියාචනාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත්, එම නිදහස් කිරීමේ නියෝගය බලරහිත කර යළි දඬුවම් පනවන ලෙසත් ඉල්ලා අගතියට පත් පාර්ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනු කරනු ලැබීය.

කිරිබත්ගොඩ සතිපොළේ අතහැර දැමූ කුටියකින් LMG සහ රිවෝල්වර ජීව උණ්ඩ තොගයක්

කිරිබත්ගොඩ සතිපොළේ අතහැර දැමූ කුටියකින් LMG සහ රිවෝල්වර ජීව උණ්ඩ තොගයක්

එම පෙත්සම සලකා බැලූ අගවිනිසුරු ප්‍රීති පත්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පසුගිය සිකුරාදා ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනාට විදේශ ගතවීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

එම නියෝගය වහාම ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත්, ලබන ඔක්තෝබර් මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා විත්තිකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළේය.

එම අධිකරණ නියෝගයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගැනීමට යාමේදී අනාවරණය වී ඇත්තේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය අගෝස්තු මාසයේදීම දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, ප්‍රේමලාල් ජයසේකර මහතා අදාළ විදෙස් ගමන ගොස් ඇත්තේ නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වන ගුවන් ප්‍රවේශපත්‍ර ද වෙන්කරවා ගැනීමෙන් අනතුරුව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.