හෙට සිට පාසල් පටන් ගනී- සිසුන් වෙනුවෙන් ‘සිසු සැරිය’ ඇතුළු බස් රථ සේවාවලත් විශේෂ වෙනසක්
By Kanchana
තෙවන පාසල් වාරයේ දෙවන අදියර හෙට සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර හෙට (07) ආරම්භ කිරීමට නියමිතය.
මේ අතර, ඩෙංගු මර්දන කටයුතු සඳහා අද (06) සහ හෙට (07) විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් වෙත උපදෙස් ලබාදී තිබේ.
පාසල්වල මදුරු මර්දන කටයුතු පිළිබඳ නිරීක්ෂණ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජ්‍ය සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා සඳහන් කළේය.
එමෙන්ම, සිසුන්ගේ ඉල්ලුම අනුව හෙට සිට ‘සිසු සැරිය’ සේවා ඇතුළු අමතර බස් රථ ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.