රාජිතගේ පැටිකිරිය උසාවියෙන් එළියට වැලි ගොඩ දාලා රජයට කෝටි 2ක් පාඩු කරලා

Report

අද දින හිටපු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර ඔහුට බරපතල චෝදනාවක් එල්ල වී තිබේ.

ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න ධීවර අමාත්‍යවරයාව සිටියදී කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කර ඇතැයි අල්ලස් කොමිසම අද (29) අධිකරණයට දැනුම් දුන්නා.

ආණ්ඩුව බලයට ආපු ගමන් එයාලට පැය 180ක් දීලා අපිට දුන්න පැය 20ත් කපන එක බරපතළ අසාධාරණයක්, සංගමෙන් අවනඩුවක්

ආණ්ඩුව බලයට ආපු ගමන් එයාලට පැය 180ක් දීලා අපිට දුන්න පැය 20ත් කපන එක බරපතළ අසාධාරණයක්, සංගමෙන් අවනඩුවක්

සැකකාර හිටපු අමාත්‍යවරයාව මෙම සිද්ධියේ දෙවැනි සැකකරු ලෙස නම් කරන බව ද එම කොමිසමේ සහකාර අධ්‍යක්ෂ (නිතී) සුලෝචනා හෙට්ටිආරච්චි අධිකරණයට දැනුම් දුන්නා. කොළඹ මහාධිකරණය මගින් අද (29) වෙනත් නඩුවකට අදාළව සැකකරු රක්ෂිත භාරයට පත් කළ අතර පසුව බන්ධනාගාරය සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

අත්අඩංගුවට ගත්තට පස්සේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසට බයටම සුළු දිය පහවෙලා

අත්අඩංගුවට ගත්තට පස්සේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසට බයටම සුළු දිය පහවෙලා

එහිදී සැකකරු ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (29) නියෝග කළේය. ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ අල්ලස් කොමිසමට කැඳවා ප්‍රකාශයක් ලබාගත් බවත් එම ප්‍රකාශය අනව උපාලි ලියනගේ යන අය එම සිද්ධියේ පළමුවෙනි සැකකරු වශයෙන් හා හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න දෙවන සැකකරු වශයෙන් නම් කළ බවද අල්ලස් කොමිසම අධිකරණයට දැන්වූවා.

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ

සිද්ධියේ පළමු සැකකාර ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ යන අය අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මේ වන විට ඇප මත මුදාහැර තිබෙන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නා.