රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ
පසුගියදා පොදු දේපල පනත උල්ලංඝනය කිරිම හේතුවෙන් චෝදනා ලැබූ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හරින ලදී.
ඒ අවස්ථාවේදී හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට ඇප ලබාදීම සඳහා ඉදිරිපත් වී ඇත්තේ වෛද්‍යවරුන් තිදෙනකු බව වාර්තා වෙනවා.
පසුගිය 26 වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රනිල් වික්‍රමසිංහට රුපියල් ලක්‍ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් යටතේ ඇප ලබාදුන් අතර ඒ සඳහා ඇප ලබාදීමට ඉදිරිපත් වූයේ වෛද්‍යවරුන් තිදෙනෙකුයි.
මෙම වෛද්‍යවරුන් තිදෙනා සිය කැමැත්තෙන්ම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඇප අත්සන් කිරීමට පැමිණ සිටි අතර එය සම්බන්ධීකරණය කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන විසින් බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.