ආයෙත් පොටක් හොයන රාජිත, ප්‍රතිශෝධන පෙත්සමක් කැඳවන්න තීරණයක්

Report

අද (25) දින කොළඹ මහාධිකරණය මඟින් අල්ලස් කොමිසමෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින මෙන් ඉල්ලා තමන් ඉදිරිපත් කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව බල රහිතකර තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමට තීරණය කළ බව වාර්තා වේ.

අද ලග්න පලාපල – 2025 ජූලි 24 | අද ඔබට සැළකිල්ල, වාසනාව සහ ජයග්‍රහණය - ලග්න අනුව විශේෂ දවසක්!

අද ලග්න පලාපල – 2025 ජූලි 24 | අද ඔබට සැළකිල්ල, වාසනාව සහ ජයග්‍රහණය - ලග්න අනුව විශේෂ දවසක්!

එසේම අධිකරණයෙන් අඳාළ පෙත්සම පිළිබඳව අගෝස්තු 07 වන දින අධිකරණය හමුවේ කරුණු දක්වන මෙන් දන්වා අදාළ පෙත්සමේ වග උත්තරකරුවක් වශයෙන් නම් කර තිබූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නොතිසි නිකුත් කරන ලෙසත් නියම කර ඇති බව සඳහන්.

ඒ අනුව මෙම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ ඉදිරියේ කැඳවා තිබෙනවා.

එම අවස්ථාවේදී රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් තම සේවා දායකයාව අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන මෙන් ඉල්ලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළත් එය මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළ බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත.

මට මගේ ඇස් අදහා ගන්න බැරිවුණා, කොරියාවේ වැඩ කරපු ලාංකික සේවකයාට කළ දේ එරට ජනපතිම හෙළා දකී

මට මගේ ඇස් අදහා ගන්න බැරිවුණා, කොරියාවේ වැඩ කරපු ලාංකික සේවකයාට කළ දේ එරට ජනපතිම හෙළා දකී

එමෙන්ම අඳාළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු මහේස්ත්‍රත්වරිය ඉදිරිපත් කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී ඇත.

එනිසා මහේස්ත්‍රත්වරියගේ මෙම නියෝගය ඇප පනතේ ප්‍රතිපාදනවලට සම්පූර්ණයෙන්ම පටහැනි බැවින් එය ප්‍රතිශෝධනය කර තම සේවා දායකයා ඇප මත මුදාහරින නියෝගයක් නිකුත් කරන මෙන් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළ බව සඳහන්.

අද හැම පළාත් ලේකම්වරයෙක්ම කොළඹට එන්න ඕනේ, හදිසි කැඳවීමක්

අද හැම පළාත් ලේකම්වරයෙක්ම කොළඹට එන්න ඕනේ, හදිසි කැඳවීමක්

තවද ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඉල්ලා ඇත්තේ මෙම පෙත්සමට අදාළ නොතිසි නිකුත් කර විභාගයක් පවත්වන තෙක් තම සේවා දායකයා අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය වග උත්තර කරුවන්ට නොතීසි පමණක් නිකුත් කිරීමට තීන්දු කළ බව වාර්තා වේ.

නැවත අඳාළ පෙත්සම අගෝස්තු මස 07 වැනිදා කැඳවීමට නියමිතව ඇත.

මෙන්න සුබ ආරංචියක්, රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙක් වෙනුවෙන් අයැදුම්පත් කැඳවයි

මෙන්න සුබ ආරංචියක්, රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙක් වෙනුවෙන් අයැදුම්පත් කැඳවයි