ජනතාවට කාලගුණයෙන් විශේෂ නිවේදනයක් - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් වැසි

By R.rishma May 01, 2025 03:22 AM GMT
Report

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධ ගෝලවලින් පැමිණෙන සුළං එක්රැස් වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපාමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

කංජිපානිගේ ඊළඟ ටාර්ගට් එක දේශබන්දු.. - ඉහලින්ම ආපු තොරතුරු මෙන්න!

කංජිපානිගේ ඊළඟ ටාර්ගට් එක දේශබන්දු.. - ඉහලින්ම ආපු තොරතුරු මෙන්න!

දකුණු සහ බස්නාහිර පළාත්වලත්, පුත්තලම, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇතිවීමට ඉඩ ඇත.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.

මේ අතර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි