17 වෙනිදාට දුම්රිය වෘත්තීය සමිති 27ක් එකතුවෙලා කරන්න යන දේ.. දුම්රිය මගීන් බියෙන් ඉන්න තීරණය අද පස්වරුවේ

Report

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වන විට පවතින ධාවනය කළ හැකි දුම්රිය එන්ජින් ප්‍රමාණය 50ක් වන බව දුම්රිය දෙපාර්තමේන්තු වාර්තාවක සඳහන් බව පවසයි. ඒ අනුව එම වාර්තාවෙන් හෙළිව ඇත්තේ දෙපාර්තමේන්තුව සතුව පවතින දුම්රිය සංචිතය තුළ දුම්රිය එන්ජින් 98ක ප්‍රමාණයක් පැවතියද මේ වන විට ධාවන කටයුතු සිදු කරනු ලබන්නේ 50ක් පමණක් බවයි.

එසේම දුම්රිය ධාවනය සාමාන්‍ය ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රමාණය දුම්රිය එන්ජින් 74ක් වන බවත් එහි සඳහන්. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පැවති ධාවනය කළ හැකි දුම්රිය එන්ජින් 53ක සංඛ්‍යාවක් 2024 වසරේ පැවැති බවත් වාර්තා වේ.

එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ වැඩි වශයෙන් කාර්යාල දුම්රිය සඳහා යොදාගන්නා බලවේග කට්ටල මේ වන විට පවතින්නේ 118ක ප්‍රමාණයක් බව‍යි.

එසේම සංචිතය තුළ බලවේග කට්ටල 242ක් තිබෙන අතර සාමාන්‍ය ලෙස සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රමාණය 193ක්.

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹෙයි - මුහුදු රළ ඉහළට - ඉදිරි පැය 24 අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹෙයි - මුහුදු රළ ඉහළට - ඉදිරි පැය 24 අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි

කෙසේ වුවද ඉකුත් 2024 වසරේදී බලවේග කට්ටල 258ක ප්‍රමාණයක් සංචිතයේ තිබී ඇති අතර එම කාලයේදී ධාවනයට එක්කර තිබූ බලවේග කට්ටල ප්‍රමාණය 148ක් බව සඳහන්.

එමෙන්ම දුම්රිය වෘත්තිය සමිති, මෙසේ දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල පවතින අඩුව නිසා දෛනිකව දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වන බවත් ඇතැම් දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල පවතින දෝෂ හේතුවෙන් දුම්රිය ප්‍රමාද වීම් වාර්තාවීම ද ඉහළ ගොස් ඇති බවත් පවසන බව සඳහන්.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් වෘත්තිය සමිති ගණනාවක් දිගින් දිගටම දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත දැනුවත් කළ ද ඔහු ඒ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාර නොදක්වන බවද වෘත්තිය සමිති පවසා ඇති බව වාර්තා වේ.

එබැවින් දිගින් දිගටම වාර්තා වන මෙම ගැටලුකාරී තත්ත්වයන් සහ ඊට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ නිහඬ ප්‍රතිපත්තිය නිසා එළඹෙන 17 වන දින දුම්රිය වෘත්තීය සමිති 27ක් එක්ව වැඩ වර්ජනයක් ආරම්භ කිරීමටද සැළසුම් කර ඇති බව සඳහන්.

ඩීසල් ලීටරය රු. 170කින් වැඩි කරයි ද? තෙල් ගැන නරක ආරංචියක්

ඩීසල් ලීටරය රු. 170කින් වැඩි කරයි ද? තෙල් ගැන නරක ආරංචියක්

එසේම දුම්රිය වෘත්තීය සමිති එළඹෙන 17 වන දින ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනය වෙනුවෙන් තම සංගමය ද සහය දක්වන බව ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතුව සඳහන් කරයි.

අඳාළ එකමුතුවේ ලේකම් අනිල් කුමාර නවරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ තම සාමාජිකයින් මුහුණදී ඇති ගැටලු සඳහා විසදුම් ඉල්ලීම සඳහා වන සාකච්ඡාවක් අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටිය ද මෙතෙක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් එම අවස්ථාව ලබා දී නොමැති බව‍යි.

විශ්‍රාමික මේ නිලධාරීන් යළි සේවයට.. සැලසුම් සහ සාකච්ඡා

විශ්‍රාමික මේ නිලධාරීන් යළි සේවයට.. සැලසුම් සහ සාකච්ඡා

එබැවින් එළඹෙන 17 වන දින ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනයට තමන් ද එක්වන බව ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතුවේ ලේකම් අනිල් කුමාර නවරත්න මහතා පැවසූ බව සඳහන්.

මේ අතර මෙම වැඩ වර්ජනයට එක්වන වෘත්තීය සමිති නියෝජිතයින් සහ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා අතර සාකච්ඡාවක් අද (14) දින පැවැත්වීමට නියමිතයි.

එබැවින් අද පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත.

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - සේවකයන්ගේ අයිතියක්,වරප්‍රසාදයක් ආදිය ගැන දැනුම්දීමක්

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - සේවකයන්ගේ අයිතියක්,වරප්‍රසාදයක් ආදිය ගැන දැනුම්දීමක්