දුම්රිය මගීන්ට නරක ආරංචියක් - දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැන අනතුරු ඇඟවීමක්
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින ගැටලුවලට බලධාරීන් කඩිනම් පියවර නොගන්නේ නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවට අනතුරු අඟවයි.
ඒ අනුව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ බරපතළ සංඥා දෝෂ රැසක් පවතින පසුබිමක, බලධාරීන් විසින් තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය අනාරක්ෂිත ලෙස ආරම්භ කර තිබෙන බවයි.
ඉකුත් සතියේ සිට මෙම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු නැවත ආරම්භ කර තිබුණ ද, මේ දක්වා අදාළ මාර්ග පද්ධතියේ සංඥා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන නොමැති බව ද ඔහු පෙන්වා දෙයි.
එදා වගේම ලංකාවට එල්නිනෝ වෙසින් එන්න යන සුනාමිය.. මුහුදේ ඇති විය හැකි වැඩි පීඩන තත්ත්වයෙන් නත්තල් කාලෙට රතු එළි රැසක්
එසේම දැනට මැදවච්චිය සහ තලෙයිමන්නාරම් තොට දක්වා ඇති තනි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සිදුවන්නේ 'නියමු ක්‍රමවේදය' යටතේ බවත් සාමාන්‍යයෙන් මෙවැනි නියමු ක්‍රමවේදයක් භාවිත කරන්නේ කිසියම් සංඥා දෝෂයක් වැනි සුවිශේෂී හදිසි තත්ත්වයකදී පමණක් බවත් පවසමින්, ඔහු චෝදනා කරන්නේ බලධාරීන් විසින් මේ වන විට එය ස්ථිර ධාවන ක්‍රමවේදයක් ලෙස දිගින් දිගටම භාවිත කරමින් සිටින බවටයි.
එමෙන්ම සභාපතිවරයා කියා සිටියේ තලෙයිමන්නාරම මාර්ගයට අමතරව මහව - අනුරාධපුර කොට්ඨාශයේ ද සංඥා පිළිබඳ පවතින ගැටලු මෙතෙක් විසඳී නොමැති අතර, එහි ද කටයුතු සිදුවන්නේ තාවකාලික සංඥා ක්‍රමවේදයන් යටතේ බවයි.
කෝටි ගණනක මහජන ධනයක් වියදම් කරමින් ප්‍රතිසංස්කරණය කරන ලද මෙම දුම්රිය මේ වන විට අභාවයට යන තත්ත්වයකට පත්ව ඇති බව ද ඔහු අවධාරණය කරයි.
ඊට අමතරව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ දුම්රිය ස්ථානවල පවතින මෙම සංඥා දෝෂ සහ රාජකාරිමය ගැටලුවලට බලධාරීන් විසින් නිශ්චිත විසඳුම් ලබා නොදෙන්නේ නම්, තමන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවත් ඒ පිළිබඳව මේ වන විටත් බලධාරීන්ට ලිඛිතව දැනුම් දී ඇති බවත් ය.
එහිදී අදහස් දැක්වූ සුමේධ සෝමරත්න මහතා,
"මේ වෙනකොට තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ගිය සතියේ ඉඳන් ආරම්භ කරලා තියෙනවා. නමුත් මේ දක්වා අදාළ මාර්ගයේ සංඥා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම නැහැ. මැදවච්චිය සහ තලෙයිමන්නාරම් තොට දක්වා තනි මාර්ගයේ නියමු ක්‍රමය යටතේ දුම්රිය ධාවනය සිද්ධ වෙන්නේ මේ වෙනකොට. ඒක දුම්රිය නියමු ක්‍රමවේදයේ යටතේ ධාවනය කරන්න තියෙන්නේ යම්කිසි සංඥා දෝෂ සහිත තත්ත්වයන් එවැනි විශේෂිත වූ කාරණා සිද්ධ වෙනවා නම් විතරයි. හැබැයි මේක ස්ථිර ධාවන ක්‍රමවේදයකට ගේන එක දිගින් දිගටම කරනවා. මහව අනුරාධපුර කොට්ඨාශයේත් සංඥා පිළිබඳව ප්‍රශ්නය මේ වෙනකම් විසඳිලා නෑ. තාවකාලික සංඥා ක්‍රමවේද දෙමින් කටයුතු කරන්නේ. ඒ තත්ත්වයම මන්නාරම් මාර්ගයටත් නැවතත් උදා වෙලා තියෙනවා. කෝටි ගණන් වියදම් කරලා ඇති කරපු දුම්රිය මාර්ගය මේ වන විට අභාවයට යන තැනකට ගෙනැල්ලා තියෙනවා. සංඥා පද්ධති සහ දුම්රිය ස්ථානවල සංඥා පැනල් ක්‍රියාවිරහිත තත්ත්වයෙන් තියෙන්නේ. සංඥා ක්‍රමවේදවල සහ දුම්රිය ස්ථානවල රාජකාරි පිළිබඳව ප්‍රශ්නගත කාරණා තියෙනවා. ඒවට නිශ්චිත විසඳුම් නැත්නම් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා කියන එක ලිඛිතව දැනුම් දීලා තියෙනවා."