ඔක්තෝම්බර් 23, 24 සහ 25 යන දිනවල සියලු ප්‍රදේශවල සිටින පාසල් සිසුන්ට මේ සඳහා රජයෙන් අවස්ථාවක්.. අගමැති

Report

රටක්, සමාජයක් දියුණු වීමට නම් කුසලතා සහ දැක්මක් ඇති තරුණ පරපුරක් අවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් ඔවුන්ට අවස්ථා තිබෙන බවට විශ්වාසය ගොඩ නැගීම සහ එය යථාර්ථයක් කිරීම සඳහා අවස්ථාව සැලසිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළා.

ඇය මේ බව කියා සිටියේ ඊයේ(30) දින කොළඹ නගරාධිපති නිල නිවසේදී Sri Lanka Skills Expo 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

මෙම Sri Lanka Skills Expo 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය, 'Skills for life' යන තේමාව යටතේ සිව් වන වරටත් සංවිධානය කර තිබුණේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය, කෘෂි ආංශික නිපුණතා සභාව, කර්මාන්ත නිපුණතා සභාව සහ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන ‍‍‍‍කොමිෂන් සභාව සමඟ එක්වයි.

රථ වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් - තහනම් නියෝග සමඟ රියදුරන්ට දින 14ක සහන කාලයක්

රථ වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් - තහනම් නියෝග සමඟ රියදුරන්ට දින 14ක සහන කාලයක්

එමෙන්ම Sri Lanka Skills Expo 2026 ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 23, 24 සහ 25 යන දිනයන්හි කොළඹ 07, විහාරමහා දේවි උද්‍යානය පරිශ්‍රය තුළ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

එහිදී අගමැතිනිය තවදුරටත් පැවසුවේ ඉදිරි වසර කිහිපය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ආයෝජන, විශේෂයෙන් ම වෘත්තිය අධ්‍යාපනය සඳහා විශාල ලෙස ආයෝජන සිදු කරමින් සිටින බවත්, එය සංකල්පයකින් එහාට ගොස් ක්‍රියාත්මක කිරීමට ද මෙහෙයුම් කමිටුවක් පත් කර ඇති බවයි.

එමෙන්ම වෘත්තිය අධ්‍යාපනය විකල්ප තේරීමක් යන මතය නැති කළ යුතු බවත් සියලු විෂය ක්ෂේත්‍රයක්ම රැකියා අවස්ථා මෙන්ම ආර්ථික, සමාජ සංවර්ධනයට සම්බන්ධයට මෙන්ම පුද්ගලික දියුණුවට ද සම්බන්ධ වන බව ඇය පැවසුවා.

පළාත් රැසකට අද මි.මී 100 ට වැඩි තද වැසි - එල් නිනෝ අර්බුදය මැද ලංකාවේ කාලගුණය කැළඹෙයි

පළාත් රැසකට අද මි.මී 100 ට වැඩි තද වැසි - එල් නිනෝ අර්බුදය මැද ලංකාවේ කාලගුණය කැළඹෙයි

මෙවැනි අධ්‍යාපනික ප්‍රදර්ශනයක් රටේ සංවර්ධනයට මෙන්ම සමාජ දියුණුව සඳහා අවස්ථාවක් විය යුතු බවටත් අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය රටේ තරුණ පරපුරට විශේෂයෙන්ම සියලු ප්‍රදේශවල සිටින පාසල් සිසුන් හට මෙම අවස්ථාවට සහභාගි වීම සඳහා අවස්ථාව උදා කර දීම සඳහා රජය කටයුතු ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින බව ද සඳහන් කළා.

මේ අතර මෙම අවස්ථාවට කොළඹ නගාරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්, සංවර්ධන පාර්ශවකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

අදින් පසු දෙසැම්බර් 31 තෙක් සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල මෙය ක්‍රියාත්මකයි - QR කේතයකුත් ලබා දෙයි

අදින් පසු දෙසැම්බර් 31 තෙක් සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල මෙය ක්‍රියාත්මකයි - QR කේතයකුත් ලබා දෙයි

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...