කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති, විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද හිමියන් අපවත්වී තිබෙනවා.
කළක් අසනීප තත්ත්වයේ පසුවූ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකදී ප්‍රථිකාර ලබමින් සිටියදීයි අපවත්වී ඇති අතර අපවත්වන විට උන්වහන්සේ 48 හැවිරිදි වියේ පසුවුණා.
1976 වසරේ පෙබරවාරී 14 වැනිදා කොළඹදී උපන් උන්වහන්සේ, කොළොන්නාව ශ්‍රී බෝධි විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කළේ ය.
දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය, ලබන අඟහරුවාදා පස්වරු 4.00 ට කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
දේහය මහජන ගෞරවය සඳහා හෙට (02) පෙරවරුවේ සිට කොළොන්නාව රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබීමට සැලසුම් කර තිබෙනවා.
