පොකට් එකට දැනෙන්නම?. මේ 17 වෙනිදා සිට.. විදුලි ගාස්තුව ගැන ලැබුණ ආරංචිය මෙන්න..

Report

ලබන (17) වැනිදා විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සඳහා මහජන අදහස් රැස්කිරීම ආරම්භ කරයි.

ඒ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව, ජනවාරි (08) දක්වා මේ සඳහා අවස්ථාව ලබා දී ඇති බව එම කොමිසම සදහන් කළේ ය.

2025 වර්ෂයේ පාසල් ආරම්භයට පෙරම.. අධ්‍යාපන අමාත්‍යංශයෙන් දරුවන්ට කළ.. විශේෂ දැනුම්දීමක් මෙන්න..  

2025 වර්ෂයේ පාසල් ආරම්භයට පෙරම.. අධ්‍යාපන අමාත්‍යංශයෙන් දරුවන්ට කළ.. විශේෂ දැනුම්දීමක් මෙන්න..  

මේ සඳහා ක්‍රමවේද කිහිපයක් ඔස්සේ, ජනතාවට අදහස් ඉදිරිපත් කිරීමේ  හැකියාව පවති.

ඒ අනුව info@pucsl.gov.lk යන විද්‍යුත් ලිපිනයෙන් සහ 076 427 10 30 අංකයට WhatsApp හරහා එසේ අදහස් යොමුකළ හැකිය.

එමෙන්ම, මහජන උපයෝගීතා කොමිසමට පැමිණ හෝ පළාත් මට්ටමින් වෙන්කර තැබෙන ස්ථානවල දී ද අදහස් ඉදිරිපත් කළ හැකි වේ.

බෙංගාල බොක්ක ආයෙත් ලෙසටම කැළඹෙයි?. හෙට.. මොකක්ද මේ ආයෙම වෙන්න යන්නේ..

බෙංගාල බොක්ක ආයෙත් ලෙසටම කැළඹෙයි?. හෙට.. මොකක්ද මේ ආයෙම වෙන්න යන්නේ..

එළැඹෙන නව වසරේ මුල් මාස 6 තුළත් විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යා යුතු බව විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත.

මේ අනූව, එම යෝජනාව කොමිසම විසින් සමාලෝචනයට ලක් කොට ඇත. 

කෙසේ වෙතත්, අනතුරුව එම ප්‍රතියෝජනා කෙටුම්පත, මහජන අදහස් සඳහා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

You May Like This Video👇 

.