ගම්පහ වාහන 33කට තහනම් නියෝග - මෙන්න හේතුව
මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සහ පොලිසිය එක්ව අද (03) දිස්ත්‍රික්කය තුළ විශේෂ රථවාහන දෝෂ පරීක්ෂා මෙහෙයුමක් සිදු කරමින්, අඩුපාඩු සහිත වාහන 33කට මාර්ග ධාවනය තහනම් කිරීමේ නියෝග නිකුත් කර ඇත.
බැලුම්මහර, වත්තල, මාබෝල සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලදී ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමේදී, සිසු ප්‍රවාහන වාහන, මගී ප්‍රවාහන බස් රථ ඇතුළු බර වාහන 231ක් අහඹු ලෙස පරීක්ෂා කර ඇති අතර, එයින් 33කට මාර්ග ධාවනය තහනම් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
එසේම, වාහන 145ක පැවති අඩුපාඩු සකස් කර දින 10ක් තුළදී ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ මෝටර් රථ පරීක්ෂකවරුන් වෙත නැවත පරීක්ෂාවට ඉදිරිපත් කිරීමට නියෝග කර ඇත.
මෙම මෙහෙයුම මගින් රථවාහන ආරක්ෂාව වැඩිදියුණු කිරීමට සහ අනතුරු අවම කිරීමට බලාපොරොත්තු වන අතර, දිස්ත්‍රික්කයේ රථවාහන පරීක්ෂාවන් තවදුරටත් දැඩි කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.