ටික්ටොක් ගැන ඇග කිළිපොලා යන හෙළිදරව්ව
ටික්ටොක් ගැන ඇග කිළිපොලා යන හෙළිදරව්ව ටික් ටොක් යනු බොහෝ දෙනා අතර ජනප්‍රිය සමාජ මාධ්‍යකි.මෙ සමාජ මාධ්‍ය හරහා දරුවන්ට අසභ්‍ය දර්ශන නිර්දේශ කරන බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී ඇත.
පර්යේෂණ කණ්ඩායම පවසන්නේ ටික්ටොක්හි ඇල්ගෝරිදම් හරහා ළමා ගිණුම්වලටද අසභ්‍ය දර්ශන සහ අධික ලෙස ලිංගික අන්තර්ගතයන් නිර්දේශ වන බවයි.මෙම පරික්ෂණය සිදු කර ඇත්තේ ග්ලෝබල් විට්නස් නම් ජාත්‍යන්තර පර්යේෂකයින් කණ්ඩායමක් විසිනි. මෙම පර්යේෂකයින් කණ්ඩායම මෙම පරීක්ෂණය සිදුකොට තිබුණේ ව්‍යාජ ළමා ගිණුම් නිර්මාණය කරමින් වේ.
ඒ අනුව ඔවුන් වයස අවුරුදු 13ක ළමුන් ලෙස පෙනී සිටිමින් ඒ සඳහා ව්‍යාජ උපන්දින භාවිතා කළ අතර ඔවුන්ගේ අනන්‍යතා තහවුරු කිරීම සඳහා වෙනත් කිසිදු තොරතුරක් ඉල්ලා නොසිටි බවද පවසා ඇත. අදාළ වාර්තාවේ සදහන් වන්නේ ඔවුන් ටික්ටොක්හි ආරක්ෂක සැකසුම් සක්‍රිය කළද දිගින් දිගටම ලිංගික අන්තර්ගතයන් නිර්දේශ වූ බවයි .
පරික්ෂකයින් පැවසුවේ මෙම සොයාගැනීම් ”විශාල කම්පනයක්” ඇති කළ බවයි. නමුත් අදටත් ටික්ටොක් ළමුනට නුසුදුසු දෙයක් ලෙස පිළි නොගැනීම පිළිබද ඔවුන් කනස්සල්ලට පත්ව තිබේ .ඔවුන් මානව හිමිකම්, ප්රජාතන්ත්රවාදය සහ දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡාවලට තාක්ෂණය බලපාන්නේ කෙසේද යන්න විමර්ශනය කරන්නාවූ කණ්ඩායමකි. කෙසේවෙතත් ටික් ටොක් බලධාරීන් පවසන්නේ ගැටලුව දැනගත් වහාම පියවර ගත් බවයි.
ඔවුන් පියවර ගත්තද ඔබේ දරුවා මොන ආකාරයෙන් ද මෙම සමාජ මාධ්‍ය භාවිත කරන්නෙ යන්න අවධානයෙන් ඔබ සිටිය යුතුයි. නැතහොත් ටික්ටොක් වෙතින් පමණක් නොව වෙනස් සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් මෙවැනි අසභ්‍ය දර්ශන නැරඹීම සිදු කරාවී. ඔබ බොහෝ ලෙස දරුවන්ට ආදරය නිසා ජංගම දුරකථනය ඉල්ලූ සැණින් ලබා දේ. ඉන්පසු දරුවන් එයින් සිදුකරන්නෙ කුමක්ද යන්න අවධානය ලබා දෙන්නේ නැත . ඔවුන් රටේ අනාගතයයි .එ නිසා මෙවැනි සමාජ මාධ්‍ය වියසන තුළින් ඔවුන් ආරක්ෂා කරගත යුතුව ඇත.