රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවීමට අල්ලස් කොමිසමෙන් පියවර
By Malith Madushan
හිටපු අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්රයෙකු වන රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
අපරාධයකින් උපයාගත් දේපළ සම්බන්ධ නීතියේ ප්රතිපාදන අනුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
දැනට සිදු කෙරෙන විමර්ශනයකට අදාළව මෙම බැංකු ගිණුම් අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ අනුව, අදාළ බැංකු ගිණුම් අත්හිටුවීම සම්බන්ධ නිල දැනුම්දීමේ ලිපිය භාරදීම සඳහා අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් නාවල පිහිටි රඛිත රාජපක්ෂගේ නිවසට ගොස් ඇත.
කෙසේ වෙතත්, එම නිල දැනුම්දීම භාරදීමට නිලධාරීන් පැමිණි අවස්ථාවේදී රඛිත රාජපක්ෂ නිවසේ සිට නොමැති බව ද අල්ලස් කොමිෂන් සභාව සඳහන් කර තිබේ.