වසරකට පියයුරු පිළිකා රෝගීන් 6,000ක්, කාන්තාවන් 1,000ක් මියයයි - දිවයින පුරා හදිසි ජාතික වැඩසටහනක්
මෙරට කාන්තාවන් අතර බහුලව වාර්තා වන පියයුරු පිළිකා රෝගය කල්තියා හඳුනාගැනීම සහ ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින්, නොවැම්බර් 02 වැනිදා දිවයින පුරා විශේෂ ජාතික වැඩසටහනක් ක්රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදය සහ සෞඛ්ය අමාත්යාංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන අතර, එම තීරණය ගෙන ඇත්තේ සංසදයේ සභාපතිනිය වන අමාත්ය සරෝජා සාවිත්රි පෝල්රාජ් මහත්මියගේ ප්රධානත්වයෙන් පැවති රැස්වීමකදීය.
වසරකට අලුතින් රෝගීන් 6,000ක් පමණ මෙරටින් වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000ක් පමණ හඳුනාගැනෙන අතර, වසරකට කාන්තාවන් 1,000ක් පමණ මෙම රෝගය හේතුවෙන් මියයන බව එහිදී අනාවරණය වී තිබේ.
සෞඛ්ය අමාත්යාංශයේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ පියයුරු පිළිකාවක් මුල් අවධියේදී හඳුනාගැනීමෙන් සාර්ථක ප්රතිකාර ලබාගැනීමේ හැකියාව ඉහළ යන බවයි.
කෙසේ වෙතත්, රෝගය පිළිබඳ බිය, ලැජ්ජාව සහ ප්රමාණවත් දැනුවත්භාවයක් නොමැතිවීම හේතුවෙන් ඇතැම් කාන්තාවන් වෛද්ය උපදෙස් හා ප්රතිකාර ලබාගැනීමට ප්රමාද වීම ගැටලුවක් වී තිබේ.
මන්ත්රීවරියන්ගේ මූලිකත්වයෙන් සෞඛ්ය සායන නොවැම්බර් 02 වැනිදා පාර්ලිමේන්තු මන්ත්රීවරියන් සිය මැතිවරණ කොට්ඨාස සහ දිස්ත්රික්ක මට්ටමින් සෞඛ්ය සායන හා දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමටත්, ඒවාට සෘජුවම සහභාගී වීමටත් නියමිතය.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්රීවරියන්, පාසල් සිසුන් සහ විශ්වවිද්යාල සිසුන් රෝස පැහැති රිබන්, මැණික්කටු පටි සහ ඇඳුම් භාවිත කරමින් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ රෝස මාසයේ වැඩසටහන් සඳහා සහය පළ කිරීමට ද සැලසුම් කර තිබේ.
ග්රාමීය ප්රදේශවල, වතු ආශ්රිත ප්රදේශවල සහ නාගරික මහල් නිවාසවල ජීවත්වන කාන්තාවන් මෙන්ම සෞඛ්ය සේවාවන් වෙත ප්රවේශය සීමිත ප්රදේශවල කාන්තාවන් ද සුවනාරී සායන වෙත යොමු කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරේ. වයස අවුරුදු 35ත් 45ත් අතර කාන්තාවන්ට විශේෂ අවධානයක් දැනට වයස අවුරුදු 35ත් 45ත් අතර කාන්තාවන්ගෙන් සුවනාරී සායන සඳහා සහභාගී වන්නේ සියයට 50ක පමණ පිරිසක් බව මෙහිදී සඳහන් වී තිබේ. ඒ අනුව, එම වයස් කාණ්ඩයේ කාන්තාවන් පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීමේ පරීක්ෂණ සඳහා යොමු කිරීම සහ පවතින සෞඛ්ය පහසුකම්වලින් ප්රයෝජන ගැනීමට ඔවුන් දිරිමත් කිරීම
වැඩසටහනේ ප්රධාන අරමුණකි. ග්රාම නිලධාරී වසම් මට්ටමින් ක්රියාත්මක කාන්තා සමිති ඇතුළු අදාළ පාර්ශ්ව ඒකාබද්ධ කරගනිමින්, වයස අවුරුදු 35ත් 45ත් අතර කාන්තාවන් පරීක්ෂණ සඳහා යොමු කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් ඉදිරි වසරේදී ක්රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත.
ගැබ්ගෙල පිළිකා පිළිබඳවත් දැනුවත් කිරීමේ වැඩසටහන් මේ අතර, ලබන ජනවාරි මාසයේදී පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ මූලිකත්වයෙන් ගැබ්ගෙල පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබේ.
මීට අමතරව, ජාතික රැකවරණ ප්රතිපත්තිය ක්රියාත්මක කිරීම සහ අයවැය ක්රියාවලියට ස්ත්රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී ප්රතිපත්ති ඇතුළත් කිරීම සඳහා තාක්ෂණික උපදේශක සහාය ලබාගැනීම පිළිබඳ කරුණු ද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.