වැඩිහිටියන්ට අද ලැබෙන සුබ ආරංචිය - ඔක්තෝබර් මාසයේ වැඩිහිටි දීමනාව ගැන විශේෂ දැනුම්දීමක්

Report

ඔක්තෝබර් මාසයට අදාළ වැඩිහිටි දීමනා අද (29) සිට ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබේ .

ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 616,362 දෙනෙකු සඳහා රුපියල් 3,081,810,000ක මුදලක් වෙන් කර ඇත.

තවද එම යෝජනා ක්‍රමයේ දෙවන අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 79,520 දෙනෙකු සඳහා රුපියල් 397,600,000ක මුදලක් වෙන් කර තිබේ .

ඒ අනුව, අදියර දෙක යටතේ වැඩිහිටි ප්‍රතිලාභීන් 695,882 දෙනෙකු වෙනුවෙන් ඔක්තෝබර් මාසයට අදාළව ගෙවීමට නියමිත මුළු මුදල රුපියල් 3,479,410,000කි.

ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට අද (29) සිට තම අස්වැසුම බැංකු ගිණුම් මගින් වැඩිහිටි දීමනාව ලබා ගැනීමේ හැකියාව ඇත.

රුපියලට තවත් පීඩනයක්ද? බැංකු කිහිපයක ඩොලර් මිල ඉහළට - අද බැංකු අනුපාතිකවල වෙනස මෙන්න

රුපියලට තවත් පීඩනයක්ද? බැංකු කිහිපයක ඩොලර් මිල ඉහළට - අද බැංකු අනුපාතිකවල වෙනස මෙන්න

අද සවස සහ රාත්‍රියේ ප්‍රබල අකුණු අනතුරක් - දිස්ත්‍රික්ක කිහිපයකට කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමේ නිවේදනයක්

අද සවස සහ රාත්‍රියේ ප්‍රබල අකුණු අනතුරක් - දිස්ත්‍රික්ක කිහිපයකට කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමේ නිවේදනයක්