ඉදිරි පැය 36ට කාලගුණෙන් අලුත්ම හදිසි අනාවැකියක් - ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි සහ අකුණු අවදානමක්

Report

2026 ඔක්තෝබර් 29 වැනිදා සවස 4.00ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ අනාවැකියට අනුව, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වරින් වර වැසි ඇති වේ.

වයඹ පළාතේ ද ඇතැම් ස්ථානවලට සුළු වැසි ඇති විය හැකිය.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතී. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ද ඇති විය හැකි බව අනාවැකියේ දැක්වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද සවස සහ රාත්‍රියේ ප්‍රබල අකුණු අනතුරක් - දිස්ත්‍රික්ක කිහිපයකට කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමේ නිවේදනයක්

අද සවස සහ රාත්‍රියේ ප්‍රබල අකුණු අනතුරක් - දිස්ත්‍රික්ක කිහිපයකට කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමේ නිවේදනයක්

වැඩිහිටියන්ට අද ලැබෙන සුබ ආරංචිය - ඔක්තෝබර් මාසයේ වැඩිහිටි දීමනාව ගැන විශේෂ දැනුම්දීමක්

වැඩිහිටියන්ට අද ලැබෙන සුබ ආරංචිය - ඔක්තෝබර් මාසයේ වැඩිහිටි දීමනාව ගැන විශේෂ දැනුම්දීමක්

Gallery