නායයෑම් අවදානම ඉහළට - දිස්ත්‍රික්ක කිහිපයකට අනතුරු ඇඟවීම්

Report

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

අද (29) පස්වරු 4.00 සිට හෙට (30) පස්වරු 4.00 දක්වා පැය 24ක කාලයක් සඳහා මෙම අනතුරු ඇඟවීම් වලංගු වන බව සඳහන් වේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවධානයෙන් සිටින්න (ඇම්බර්)

රත්නපුර දිස්ත්‍රික්කය - කුරුවිට අයගම රත්නපුර පැල්මඩුල්ල ඇලපාත ඕපනායක

අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)

ගාල්ල දිස්ත්‍රික්කය - තවලම, කරන්දෙණිය, නියාගම, නෙළුව සහ ඇල්පිටිය.

නුවරඑළිය දිස්ත්‍රික්කය - නෝර්වුඩ් සහ අඹගමුව කෝරළේ.

කළුතර දිස්ත්‍රික්කය - දොඩන්ගොඩ සහ බුලත්සිංහල.

රත්නපුර දිස්ත්‍රික්කය - කලවාන, නිවිතිගල, කිරිඇල්ල, ගොඩකවෙල, ඇහැලියගොඩ සහ බලංගොඩ.

මහනුවර දිස්ත්‍රික්කය -උඩුනුවර සහ යටිනුවර.

කෑගල්ල දිස්ත්‍රික්කය - අරණායක, යටියන්තොට, බුලත්කොහුපිටිය සහ මාවනැල්ල.

අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව නායයෑම් අවදානම පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය. 

නාවික හමුදාවෙන් දැවැන්ත අනාවරණයක් - “රටම එකට” මෙහෙයුමෙන් රුපියල් බිලියන 109කට අධික මත්ද්‍රව්‍ය අල්ලලා

නාවික හමුදාවෙන් දැවැන්ත අනාවරණයක් - “රටම එකට” මෙහෙයුමෙන් රුපියල් බිලියන 109කට අධික මත්ද්‍රව්‍ය අල්ලලා

ඉන්දීය නාවික හමුදා පුහුණු බලඝණයේ නෞකා ත්‍රිත්වය ඒකාබද්ධ අභ්‍යාසයකින් පසු දිවයිනෙන් පිටත්ව යයි

ඉන්දීය නාවික හමුදා පුහුණු බලඝණයේ නෞකා ත්‍රිත්වය ඒකාබද්ධ අභ්‍යාසයකින් පසු දිවයිනෙන් පිටත්ව යයි