වෙනස්කම් වලට එරෙහි ශිෂ්‍යයන් නිසා රැදවියන් 209ක් පැන ගිහින්..

Bangladesh World Prison
By Piyumika Aug 10, 2024 08:38 AM GMT
Piyumika

Piyumika

Report

බංග්ලා­දේ­ශයේ පසු­ගි­යදා උද්ගත වූ විරෝ­ධතා හා ප්‍රචණ්ඩ ක්‍රියා අත­ර­තුර එරට ගාසි­පූර් නුවර කාෂි­ම්පූර් අධි ආර­ක්ෂිත බන්ධ­නා­ගා­රයේ රැඳ­වි­යන් 209 දෙනකු පලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔවුන් පලා ගොස් ඇත්තේ බන්ධ­නා­ගාර නියා­මක නිල­ධා­රීන් කිහි­ප­දෙ­න­කුද ප්‍රාණ ඇප­යට ගෙන බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

කැලණි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්..

කැලණි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්..

පසු­ගිය අඟ­හ­රු­වාදා මේ සිදු­වීම වී ඇති අතර, ඒ වන­වි­ටත් අග­මැ­ති­නිය ශෙයික් හසීනා ධුර­යෙන් ඉවත්වී ඉන්දි­යා­වට ගොස් සිටි බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. රැඳ­වි­යන් පලා ගොස් ඇත්තේ බන්ධ­නා­ගා­රය ඉදි­රි­පිට රැස්වූ මැර කල්ලි කිහි­ප­යක් විරෝ­ධ­තා­වක් සිදු කළ අත­ර­තු­රදී බවත්, විරෝ­ධ­තාව පිළි­බඳ තොර­තුරු ප්‍රචා­රය වීමෙන් පසු එම බන්ධ­නා­ගා­රයේ රඳවා සිටි සැක­ක­රු­වන්ගේ මාපි­යන් ඇතුළු ඥාතින් ද එම ස්ථාන­යට රැස්වී ඇතැයි ද, තත්ත්වය පාල­නය කිරී­මට බන්ධ­නා­ගාර නිල­ධා­රීන් අස­මත් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බංගලාදේශ අරගලයෙන් පසු පකිස්ථාන ශිෂ්‍ය සම්මේලනයෙනුත් රජයට අවසන් නිවේදනයක්..

බංගලාදේශ අරගලයෙන් පසු පකිස්ථාන ශිෂ්‍ය සම්මේලනයෙනුත් රජයට අවසන් නිවේදනයක්..

ඉනිමං භාවිත කර­මින් බන්ධ­නා­ගා­රයේ උස් තාප්ප­ව­ලින් පැන ගිය රැඳ­වි­යන් වැළැ­ක්වි­මට උත්සාහ කිරි­මේදී බන්ධ­නා­ගාර නිල­ධා­රීන් තැබූ වෙඩි පහ­ර­ව­ලින් රැඳ­වි­යන් තිදෙ­නකු සහ එම විරෝ­ධ­තාව පාල­නය කිරී­මට පැමිණ සිටි හමුදා සෙබ­ළුන් තිදෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ReeCha