බස් අනතුරින් මියගිය අයට අගමැතිනිය අවසන් ගෞරව දක්වයි

Report

ඇල්ල වැල්ලවාය බස් රථ අනතුරින් මරණයට පත් තංගල්ල නගර සභා සේවකයින්ගේ මෘතදේහවලට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (06) පෙරවරුවේ තංගල්ල නගර ශාලාවට පැමිණියා.

මෙම අනතුරින් තංගල්ල ප්‍රදේශයේ 15 දෙනකු මියගිය‍ ගොස් තිබුණා. ඉන් දේහ 12ක් තංගල්ල නගර ශාලාවේ තැන්පත් කර තිබුණා.

ඇල්ලේදී ප්‍රපාතයකට පෙරලුණු බස් රථය වාර්තාව හෙට රස පරීක්‍ෂක වෙත

ඇල්ලේදී ප්‍රපාතයකට පෙරලුණු බස් රථය වාර්තාව හෙට රස පරීක්‍ෂක වෙත

අද (06) පෙරවරු 10.00ට පමණ ආගමික වතාවත්වලින් අනතුරුව එම දේහයන් ඔවුන්ගේ නිවෙස්වලට ‍රැගෙන යනු ලැබුවා. මෙම අනතුරින් මරණයට පත් තංගල්ල නගර සභාවේ පුස්තකාල නිළධාරිනිය සහ ඇගේ දියණියගේ සිරුරු මෙතෙක් ඔවුන්ගේ ඥාතීන්ට ලැබී ‍නැතැයි වාර්තා වෙනවා.

ඇල්ලේ බස් අනතුරෙන් මියගිය අයගේ දේහයන් තංගල්ල නගර ශාලාවට

ඇල්ලේ බස් අනතුරෙන් මියගිය අයගේ දේහයන් තංගල්ල නගර ශාලාවට

ඒ අනුව එම දේහයන් තංගල්ල නගර ශාලාවට රැගෙන විත් තිබුණේ නැහැ. දේහයන් පිළිබඳ අවසන් කටයුතු හෙට (07) සිදුකිරීමට නියමිතව ඇතැයි ද වාර්තා වෙනවා.

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවැනි දිනටත්

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවැනි දිනටත්