විදුලිබල මණ්ඩලයේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවැනි දිනටත්
ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට බෙදීමට එරෙහිව CEB සේවකයින්ගේ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (06) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.
CEB කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ පවසන පරිදි, ස්වේච්ඡා වන්දි යෝජනාවට කිසිදු සේවකයෙකු එකඟ වී නැත.
මෙම ක්‍රියාමාර්ගය සැප්තැම්බර් 15 මධ්‍යම රාත්‍රිය දක්වා පළමු අදියර යටතේ පවතින අතර, ආණ්ඩුවේ වගකීම් විරහිත ප්‍රතිව්‍යුහගතකරණ උත්සාහයට එරෙහිව බලශක්ති ඇමතිවරයා සමග සාකච්ඡාවලින් ඵලදායී ප්‍රතිචාරයක් නොලැබුණු බව ඔහු සඳහන් කළේය.
