මේ මොකක්ද වුණේ?. වහාම අනතුරුත් අඟවලා.. පිටරට ඉඳලා ලංකාවට එන පිරිසකට හදිසියේම දැනුම්දීමක් කරලා..
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ය.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියි.
එම දෙපාර්තමේන්තුව නිකුත්කර ඇති සංචාරක උපදේශයෙන් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාව රැස්වන ස්ථානවලට යෑමෙන් වළකින ලෙස ය.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය ට පෙර, ඒ අතරතුර සහ පසුව උද්ඝෝෂණ ඇතිවීමට ඉඩ ඇති බව ය.
කෙසේ වෙතත්, සාමකාමී ජනතා එකතුවීම් පවා පෙර දැනුම්දීමකින් තොරව කලහකාරී විය හැකි බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.