මේ දේ කරන්න බෑ.. පොලීසිය දැඩි වෙයි.. වාහන ගැන එකවරම ගත්ත තීරණය මෙන්න..
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ වාහනවල දේශපාලන පක්ෂවල ප්‍රචාරණ දැන්වීම් අලවා ගෙන සිටීම නීතිය ඉදිරියේ වරදක් බවත්, එවන් දැන්වීම් අලවා තිබෙන වාහන පරීක්ෂාකර ගලවා ඉවත් කරන බවත් ය.
එමෙන්ම, වාහනවල දේශපාලන ප්‍රචාරණ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙනවා.
ඒ හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට පොලිසිය දැනුම්වත් කර ඇත.
මෙහිදී නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටියේ, පොලිසිය විසින් දැන්වීම් ගලවා ඉවත්කිරීමේදී එම දැන්වීම් තදින් අලවා තිබුණහොත් වාහනයට වුවද හානි සිදුවිය හැකි බවය.
හද ගැස්ම වැඩි කරමින්, නොඉවසිල්ලෙන් බලන් හිටිය විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..
එනිසා පොලීසිය මැදිහත්ව එම කටයුත්ත සිදුකිරීමට පෙර වාහන හිමිකරුවන්ම ඒවා ඉවත්කරගන්නා ලෙසද ඒ මහතා දන්වා සිටියේ ය.