මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව සම්බන්ධයෙන් ජනපති හදිසියේම නීතිපති කැඳවයි...

Anura Kumara Dissanayaka Sri Lanka Attorney General of Sri Lanka Harshana Nanayakkara
By Piyumika Feb 06, 2025 04:30 PM GMT
Piyumika

Piyumika

Report

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (6) පස්වරුවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා කැඳවා තිබේ.

ජනපති සහ IMF දූත පිරිසක් අතර සාකච්ඡාවක්..

ජනපති සහ IMF දූත පිරිසක් අතර සාකච්ඡාවක්..

ඒ අනුව නීතිපතිවරයා පස්වරු 1.45ට පමණ ජනාධිපති කාර්යාලයට පැමිණ ඇති අතර, මේ සඳහා අධිකරණය අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාද පැමිණ තිබේ.

පැය 2කට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවකින් අනතුරුව නීතිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා පස්වරු 4ට පමණ ජනාධිපති කාර්යාලයෙන් පිටව ගොස් ඇත.

සිය ක්ෂේත්‍රයේ සාර්ථකත්වයේ හිනිපෙත්තටම ගියවුන්ට දුන් පට්ටම වටිනා තෑගී වලට දැන් වෙලා තියන් දේ...(PHOTO)

සිය ක්ෂේත්‍රයේ සාර්ථකත්වයේ හිනිපෙත්තටම ගියවුන්ට දුන් පට්ටම වටිනා තෑගී වලට දැන් වෙලා තියන් දේ...(PHOTO)

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වූ නඩුවේ සාක්ෂි වසන්කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ සැකකරුවන් තිදෙනෙකු එම නඩුවෙන් නිදහස් කළ හැකි බව නීතිපතිවරයා ලිපියක් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

You may like this video

ReeCha