මධ්‍යම කඳුකරයේ ආරක්ෂාව වෙනුවෙන් තීරණාත්මක පනතක් පාර්ලිමේන්තුවට – ජනපති හෙළි කළ අලුත්ම සැලැස්ම [VIDEO]
මධ්‍ය කඳුකර පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ස්ථාපිත කිරීමට නියමිත මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරියට සියලු බලතල ලබාදීමේ අරමුණින් අදාළ පනත් කෙටුම්පත මේ වසර අවසානයේ හෝ ලබන වසරේ මුල් භාගයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල, කබරගල කන්ද නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා ඉදිකළ ‘නවෝදයාපුරම්’ නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරිය ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.
මධ්‍ය කඳුකරය යළි පෙර පැවති තත්ත්වයට පත් කිරීමට දශක ගණනාවක් ගතවිය හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම පරිසර පද්ධතියට සිදුවන විනාශය තවදුරටත් සිදුවීම වැළැක්වීමට කඩිනම් පියවර ගත යුතු බව අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ “හදවත” ලෙස මධ්‍යම කඳුකරය හැඳින්විය හැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා, මේ වනවිට එය ඇස් ඉදිරිපිටම විනාශ වෙමින් පවතින බවද ප්‍රකාශ කළේය. කඳු කඩා වැටීම්, ජල උල්පත් සිඳී යාම මෙන්ම ගංගා සහ ඇළ මාර්ග ගොඩවීම වැනි පාරිසරික හානි රැසක් මේ වනවිට දක්නට ලැබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එබැවින් අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් අනතුරුව මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරියට එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු බලතල ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
"ගත්ත තීන්දුව ආපස්සට හරවන්නේ නෑ... කවුරු මොනවා කිව්වත් ගත්ත තීන්දුව ගත්තම තමයි" - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්
''අපේ රටේ අනාගතයේ වැදගත් කොටසක් ඔසවන්නේ මධ්‍ය කඳුකරය. අපේ වගකීම අපේ අනාගතයට මධ්‍ය පරිසරය සුරක්ෂිත කිරීම. මේ වැඩපිළිවෙළේදී නිවාස අහිමි වෙන්න පුළුවන්. වගාබිම් තිබෙන ප්‍රදේශ වනාන්තර වෙන්න පුළුවන්. නමුත් ඒක කරන්න ඕන. නැතුවුණොත් විශාල ව්‍යසනයකට මුහුණදෙනවා. ආයතනවල බලතල බෙදෙයි, පුටු එහෙට මෙහෙට වෙයි, තනතුරු නාම වෙනස්වෙයි....කවුරුවත් කලබල වෙන්න එපා".
මේ අතර, මලෛයගම් ජනතාව මෙරටට අයත් තමන්ගේම සහෝදර ජනතාවක් ලෙස සලකා, ඔවුන්ට රට තුළ ගෞරවාන්විතව ජීවත් වීමට අවශ්‍ය පූර්ණ අයිතිවාසිකම් සහ ජීවන අවස්ථා සුරක්ෂිත කිරීමට රජය කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. එහි එක් පියවරක් ලෙස වතු සමාගම් සමඟ පවතින ගිවිසුම් 2042 වසරේදී අවසන් වීමෙන් අනතුරුව ඒවා නැවත අලුත් කිරීමේදී මලෛයගම් ජනතාවගේ අයිතිවාසිකම් සහ ජීවන තත්ත්වය සුරක්ෂිත වන ආකාරයෙන් නව ගිවිසුම්වලට එළඹීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
''ඉඩම් පිළිබඳ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. වත්තේ වැඩ කළාට සමාගම් ලේසියෙන් ඉඩම් දෙන්න කැමති නෑ. නමුත් මෙම සමාගම්වල ගිවිසුම් 2042 වනවිට අවසන්වීමට නියමිතය. දැනටමත් එම අමාත්‍යාංශය එම ගිවිසුම් පිළිබඳ පසුවිපරම් කිරීම සඳහා කමිටුවක් පත්කර විමර්ශනය කරනවා. අපි ඉතා ඉක්මනින් ඒ ගිවිසුම් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී ජනතාවගේ අයිතාවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වගන්ති සහිතව තමයි එළැඹෙන ගිවිසුම් අත්සන් කිරීමට අපි අවධානය යොමු කරන්නේ" යැයි පැවසීය.''
මේ අතර, යුද සමයේදී ශ්‍රී ලංකාව අතහැර ඉන්දියාවට ගිය ජනතාවට යළි මෙරටට පැමිණීමට තිබූ බාධා ඉවත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අවශ්‍ය පියවර ගෙන ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මලෛයගම් ජනතාව සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඔවුන් මෙරට සමාජයේම කොටසක් ලෙස සලකා ඔවුන්ගේ අයිතිවාසිකම් සහ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා රජය කටයුතු කරන බව පැවසීය.
"වර්තමාන රජයේ වගකීම සියලු ජන කණ්ඩායම්වලට අවශ්‍ය මූලික උවමනාවන් ඉටුකිරීම. ඒ සඳහා නිවාස ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. එළැඹෙන අයවැයෙන් නිවාස ගොඩනැගීම ප්‍රමුඛ ලෙස කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. එම ජනතාවට හොඳ අදායම් මාර්ගයක් අවශ්‍යයි. එය සම්පූර්ණ කිරීමට බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. දැනටමත් වැටුප් වැඩිකිරීම් සිදුකර තිබෙනවා. එය ප්‍රමාණවත් නොවුණත්, මූලික පියවර ගෙන තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ විශාල අවධානයක් යොමු කරනවා. සියවස් ගණනාවක් මේ ප්‍රජාව ගතකළ ජීවිතය තමන්ගේ දරුවන්ට උරුමකර දීම යුක්ති සහගත නෑ. වත්තේ ඉපදෙනවා, වත්තේ වැඩ කරනවා, වත්තේ මිය යනවා. වත්තෙම පස්වෙනවා. ඒ ජිවිතයෙන් ඔවුන් එළියට ආ යුතුයි. එම ජීවිතයෙන් එළියට ඒමට තිබෙන ප්‍රධානම කාරණය අධ්‍යාපනය. ඒ වගේම නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් හොඳ සෞඛ්‍ය පහසුකම් ලබාදෙනවා. අඩු බර දරු උපත් වැඩිපුර තිබෙන්නේ මේ මලෛයිගම් ජනතාව තුළ. අවුරුදු 5ට වඩා අඩු මන්දපෝෂණය තියෙන දරුවන් ඉන්නේ කොහෙද, ආයු කාලය අඩු ප්‍රජාවක් ඉන්නේ කෙහෙද....ඒ මේ ජනතාව අතර. ඒ නිසා සියවස් දෙකකට වැඩි කාලයක් කොන් කරන ලද, ඇස් ඇර ඔවුන් දෙස නොබලන ලද පාලනයන් විසින් මෙම ජනතාව මෙම ව්‍යසනයට ලක්කර තිබෙනවා" යනුවෙන්ද පැවසීය.
බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස් කරලා සිංගප්පූරුවේ පුරවැසිභාවය අරන්.. ලංකාවට ගේන්න අමාරුයි - ආරක්ෂක ඇමති සියල්ල එළි කරයි