"ගත්ත තීන්දුව ආපස්සට හරවන්නේ නෑ... කවුරු මොනවා කිව්වත් ගත්ත තීන්දුව ගත්තම තමයි" - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අපේක්ෂා කරන්නේ රටේ ජනතාවට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (26) මීගමුව අල්-හිලාල් මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති 42 වැනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය අමතමිනි.
නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවිධ මත සහ විරෝධතා ඉදිරිපත් වෙමින් පවතින බව සඳහන් කළ ජනාධිපතිවරයා, එහි අරමුණ ජනතාවට අගතියක් සිදුකිරීම නොවන බව අවධාරණය කළේය.
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා එහිදී අදහස් පළ කළේය.
”මේ රටේ මහජනයාගේ මහජන බලය කෙරෙහි මම දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කරනවා. මා හෝ මාගේ ආණ්ඩුව ගනු ලබන කිසිදු තීරණයක්, කිසිදු පියවර මේ රටේ මහජනයාට අගතියක් ගෙන දෙන සිදුවීමක් සිදු නොවන බවට මා වග බලා ගන්නවා. මා දන්නවා ලොකු අඩහැරයක් තිබෙනවා, අඩහැරයක් ගොඩනගන්න උත්සහ කරනවා අලුත් ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව. නෑ ඒ ව්‍යවස්ථා සංශෝධනය මුළුමණින්ම මා අපේක්ෂා කරන්නේ අපේ රටේ ජනතාවට යුක්තිය පසිඳලීම සඳහා තිබෙන කාර්ය වේගවත් කිරීම සඳහා යුක්තිය හරහා අපේ රටේ සමාජය යහපත් කිරීම සඳහා අවශ්‍ය වුවමනාවයි.
ඒ කිසිවක් මේ රටේ පොදු මහජනයාට අගතියක් නොවන දේ බවට මම සහතික කරනවා. මේ පොදු ජනයාගේ නීතිය පිළිබඳ තිබෙන විශ්වාසය,යුක්තිය වේගයෙන් පසිඳලීම සඳහා අවශ්‍ය වන වේගයක් ලබාදීමේ අරමුණක් මේ තුළ ගැබ්ව තිබෙනවා. 2006 නඩුවක තීන්දුව ලැබෙන්නේ 2026 දී. 2017 නඩුවක් අවුරුදු 09ක් ගිහිල්ලා එක සාක්ෂියක් අරගෙන නැත්නම් යුක්තිය පිළිබඳ විශ්වාසයෙන් බලන්නේ කොහොමද? ඒ නිසා මේ ක්‍රියාවලිය වේගවත් කළ යුතුයි.
කවුරු මොන විදිහකට කුඩා කුඩා ප්රතිවිරෝධ දැක්වුවත් ජනතාව විසින් ගනු ලබන කිසිදු තීන්දුවක් ආපසු නොහරවන බව මා ඔබට මේ අවස්ථාවේදී සහතික වෙනවා. ආපසු හරවන්නේ නැහැ. මතක තීන්දුවක් ගැනීමේදී විය හැකි වාසි අවාසි අනෙකුත් බාහිර සාධක මේ සියල්ල තීන්දුව ගැනීමට පෙර සාකච්ජාවට භාජනය කරනවා. විය හැකි හැම පැත්තකින්ම හැම මානයකින්ම තීන්දුවක් ගැනීමට පෙර ඒ දෙස බලනවා. නමුත් තීන්දුව ගත්තට පසුව ආපසු හරවන්නේ නැති බවට මා ඔබට සහතික කරනවා.” යනුවෙන් ජනාධිපතිවරයා අවධාරණය කරන ලදී.