බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු අර්ජුන් මහේන්ද්‍රන් නම වෙනස් කරලා සිංගප්පූරුවේ පුරවැසිභාවය අරන්.. ලංකාවට ගේන්න අමාරුයි - ආරක්ෂක ඇමති සියල්ල එළි කරයි

Report

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා නීතිමය බාධා කිහිපයක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ රූපවාහිනී වැඩසටහනට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිය නම වෙනස් කර සිංගප්පූරු පුරවැසිභාවය ලබාගෙන ඇති බවත්, එම රටේ පවතින නීතිමය තත්ත්වයන් හේතුවෙන් ඔහුව මෙරටට ගෙන්වා ගැනීම සංකීර්ණ වී ඇති බවත් ය.

කෙසේ වුවද පවතින නීතිමය බාධාවන් මඟහරවා ගනිමින් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය විවිධ උපක්‍රමශීලී පියවර රජය විසින් ගනිමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එළඹෙන සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයකට මෙම කලාප තාවකාලිකව වසා දැමේ - විශේෂ දැනුම්දීමක්

එළඹෙන සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයකට මෙම කලාප තාවකාලිකව වසා දැමේ - විශේෂ දැනුම්දීමක්

එමෙන්ම බැඳුම්කර නඩුව මේ වන විට අධිකරණය හමුවේ ඉදිරියට යමින් පවතින බවත්, අපරාධ මඟින් උපයාගත් දේපළ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී හෙළි කළා.

එසේම ආනන්ද විජේපාල මහතා අවධාරණය කළේ අපරාධකරුවන් සතු දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කරන බවයි.

එමෙන්ම විදේශගතව සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මේ වන විට පුද්ගලයන් 236 දෙනෙකුට එරෙහිව රතු වරෙන්තු නිකුත් කර තිබෙන බවයි.

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

ඉන් රතු වරෙන්තු 110ක්ම නිකුත් කර ඇත්තේ වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව බවත් ආනන්ද විජේපාල මහතා පෙන්වා දෙයි.

තවද වත්මන් රජය යටතේ මේ වන විට පාතාල කල්ලි සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන් 66 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට සමත්ව ඇති අතර තවත් රතු වරෙන්තුකරුවන් 97 දෙනෙකු පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක වන බව සඳහන්.

ඉන් 39 දෙනෙකු රැඳී සිටින රටවල් සහ ස්ථාන මේ වන විටත් හඳුනාගෙන ඇත.

එමෙන්ම ලබන සතියේදී තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බව ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එහිදී වැඩිදුරටත් පැවසුවා.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් 16,000කට සුබ ආරංචියක් - දීපව්‍යාප්ත ව්‍යාපෘතියක්

රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් 16,000කට සුබ ආරංචියක් - දීපව්‍යාප්ත ව්‍යාපෘතියක්

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න