දිවයිනේ පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන - වන්දි ලබාදීමේ ක්‍රමවේදයකුත්

Report

ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමඟ දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් වහාම මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවට සහ අවදානමට ලක්වූ දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයන්ට උපදෙස් දී ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ අයහපත් කාලගුණය නිසා රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලිමට අද (27) දින පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ සාකච්ඡාවට සහභාගී වෙමින්.

එහිදී ජනාධිපතිවරයා තම දිස්ත්‍රික්කවලට ගොස් පීඩාවට පත් ජනතාව පිළිබඳ සොයා බලන මෙන් මෙහිදී මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇත.

එමෙන්ම ජනාධිපතිවරයා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්කර ඒ ඒ දිස්ත්‍රික්කවල සහ ප්‍රදේශවල පවතින අවදානම් තත්ත්වය සහ ඉදිරියේදී සිදුවිය හැකි ආපදා තත්ත්වයන් හඳුනාගනිමින් ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සහ සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන ලෙසද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

කාලගුණය දැඩි ලෙස දරුණු වේ - සියලු දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් කැඳවීමක්

කාලගුණය දැඩි ලෙස දරුණු වේ - සියලු දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් කැඳවීමක්

එමෙන්ම එහිදී, මන්ත්‍රීවරුන්ට තම දිස්ත්‍රික්කවලට ගොස් එම ජනතාවට සහන සැලසීමට මැදිහත් වීමේදී අයවැය විවාද සහ පාර්ලිමේන්තු කටයුතු බාධාවක් බැවින් අද ප.ව 2.00 පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.

එහිදී මූලික වශයෙන්ම ජනතාවගේ ආරක්ෂාව සහ මුදා ගැනීමේ කටයුතු පිළිබඳව සහ පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය ඇතුළු සහන සේවා අඛණ්ඩව සැපයීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

ඊට අමතරව උසස් පෙළ විභාගය පැවැත්වීම සහ අධ්‍යාපන කටයුතු ඉදිරියට පත්වාගෙන යාමේ ගැටලු පිළිබඳවද විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

තවද විපතට පත් ජනතාවට සහන සැලසීමේදී සහන සේවා කඳවුරු වෙත පැමිණි ජනතාව, නිවාසවල සිරවී සිටින ජනතාව මෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් ඥාතී නිවාසවල රැදී සිටින ජනතාව සඳහා පිසු ආහාර සහ වියළි සලාක අඛණ්ඩව ලබා දීමට මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

එසේම විනාශයට පත් නිවාස සහ වගා බිම් සඳහා වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳවද අවධානය යොමු කර ඇත.

මේ අතර වාරිමාර්ග පද්ධතිය සහ එහි සුරක්ෂිතභාවය මෙන්ම නාය යාමේ අවදානම ඇති ප්‍රදේශවල මහා මාර්ග පද්ධතියේ ආරක්ෂාව පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

මේ සියලුම පාසල් දින නියමයකින් තොරව වසයි

මේ සියලුම පාසල් දින නියමයකින් තොරව වසයි

රියැදුරු බලපත් ඔන්ලයින් නිකුත් කිරීම අක්‍රීයයි - විශේෂ නිවේදනයක්

රියැදුරු බලපත් ඔන්ලයින් නිකුත් කිරීම අක්‍රීයයි - විශේෂ නිවේදනයක්