රාජ්‍ය සේවයම වෙනස් කරන්න යන ජනපති - මීට පස්සේ ජනතාවට නිවසේ සිට සේවයක් සහ විශ්‍රාම යෑමේ වයසේත් වෙනසක්
ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී 9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර, 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරන බවට ජනපති අවධාරණය කරයි.
ඒ අනුව වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් රාජ්‍ය පවත්වාගෙන යාම වෙනුවෙන් වැය කිරීම ජනතාවගේ පාර්ශ්වයෙන් කිසිසේත් සාධාරණ නොවන බවත්, ඒ අනුව 9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර ගනිමින්, 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ 2027 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන දෙකක් වෙන් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එය 40%ක පමණ වැඩිවීමක් බවත් ය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (28) පස්වරුවේ පැවති ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින්.
මෙහිදී පුළුල් ලෙස 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම ඇතුළුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 මූල්‍ය අවශ්‍යතා පිළිබඳව ද විමසා බැලිණි. එමෙන්ම භාණ්ඩාගාරයට ලැබෙන සෑම රුපියලක්ම රටේ සංවර්ධනය සහ උන්නතිය උදෙසා යෙදවීම අපේක්ෂාව බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා අනාගත පරපුරට ණය ගෙවීමට සිදු නොවන, මූල්‍ය විනයක් සහිත රටක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බව ද පැවසුවා.
ජාත්‍යන්තර වාර්තා තුළ මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය සහ සමාජ දර්ශක පිළිබද ඇගයීම් යහපත් මට්ටමක පවතින බවත්, එක් යුගයක ණය ගෙවා ගත නොහැකි වූ, දූෂණය සහ සමාජ අපරාධ පිරුණු රටක් ලෙස ජාත්‍යන්තරයේ කතා බහට ලක් වු අපේ රට අද ප්රශස්ත ආර්ථිකයක් සහිත සහ දූෂණය අවම වූ රටක් ලෙස ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්ව තිබෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එමෙන්ම රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ජනතාවට නිවසේ සිට සිය සේවා ඉටුකරගත හැකි අන්දමින් රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට, රජය ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බවත්, රාජ්‍ය සේවයේ අත්දැකීම් සහිත සහ නිපුණතාවක් ඇති වෘත්තිකයන් රඳවා ගැනීමට තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ නැංවීමට ද අවධානය යොමුව ඇති බවත් ජනාධිතිපතිවරයා පෙන්වා දුන්නා.
එසේම රාජ්‍ය අංශය රැකියා පුරවන තැනක් බවට පත් කරමින් රාජ්‍ය දේහය කඩා දැමීම හේතුවෙන් අහිතකර ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවු බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රැකියා ඇතිවන එළියේ ආර්ථිකයක් ගොඩනැගීම රජයක වගකීම බවත්, ඒ තුළින් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකර දිය හැකි බවත් සඳහන් කළා.
එකොළොස්වැන්න වන ලාභ භාවය මත සඳු ගෝචර වන අද දිනය ඔබගේ බලාපොරොත්තු ඉටුවන, අමතර ආදායම් ලබන අතිශය ජයග්‍රාහී දිනයක්
තවද ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මේ ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර නගර යනු ගොඩනැගෙන ඒවා මිස ගොඩනැගුණු ඒවා නොවන බවත්, ඒ අනුව විධිමත් සැලැස්මක් යටතේ යුගයේ අවශ්‍යතාව අනුව නගර නිර්මාණය වීමේ වැදගත්කමත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙහිදී පළාත් සභා මගින් ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර ඒ යටතේ භෞතිකව ව්‍යාපෘති 90%ක කටයුතු මේ වන විට අවසන් කර තිබෙන බව සඳහන් කළා.
ඊට අමතරව ආයතන අතර පවතින ගැටුම හේතුවෙන් ඇතැම් ව්‍යාපෘති ප්‍රමාදවී තිබීම පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර එම ගැටලු විසදා ගනිමින් ජාතික සැලැස්මක් අනුව සියලුදෙනා කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ප්‍රකාශ කළා.
ග්‍රාමීය මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර රුපියල් මිලියන 250 ක ප්‍රතිපාදන යටතේ ව්‍යාපෘති 122 ක් අනුමත වී ඇති අතර, ඉන් ව්‍යාපෘති 57 ක වැඩ දැනටමත් අවසන් කර තිබෙන බව සඳහන් විය.
බහුමානීය දිළිඳුකම පිටුදැකීම අරමුණු කරගත් ප්‍රජාශක්ති වැඩසටහන යටතේ නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව, සමාජ පරිසරය, මනව සම්පත් සංවර්ධනය සහ සැපයුම්ජාල ප්‍රවේශය සහ රැකවරණය කෙරෙහි අවධානය යොමු කරමින් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක අතර එහිදී ප්‍රගතිය ද සමාලෝචනය කළ අතර දිස්ත්‍රික්කයේ නිල සෙවන කාර්යාල ඉදි කිරීම සහ පාසල් ක්‍රීඩා පිටි සංවර්ධනය සඳහා ද විශේෂ ප්‍රතිපාදන වෙන් කර තිබෙන අතර රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීමේදී ක්‍රීඩාපිටි ඉදිකිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ක්‍රීඩාව දෛනික ජන ජීවිතයේ කොටසක් බවට පත් කිරීම සඳහා සමාජය තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.
තවද රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීමෙන් මත්ද්‍රව්‍ය උවදුර වැනි සමාජ ගැටලු ගණනාවකට විසදුම් ලැබෙන බවත්, විනයගරුක සහ නිරෝගීමත් අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් ක්‍රීඩාව සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන වෙන් කිරීමට රජය සූදානම් බවත් ඒ වෙනුවෙන් වූ ජාතික සැලැස්මක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ඔහු රැඳවුම් නිවාසවලින් නික්ම යන දරුවන්ගේ නිවාස අවශ්‍යතා වෙනුවෙන් 2026 අයවැයෙන් රජය රුපියල් මිලියන 2,000 ක් වෙන් කර ඇති අතර, එම දරුවන් සඳහා නිවාස ඉදි කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කරමින් එම ප්‍රතිලාභය ලබාදීමේ අවශ්‍යතාව ද අවධාරණය කළා.
එසේම නිවසක් ඉදිකර ගැනීම සඳහා ලක්ෂ 10ක් ලබා දීමේ වැඩසටහන ඇතුළු දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස වැඩසටහන්හි ප්‍රගතිය ද ජනාධිපතිවරයා මෙහිදී විමසා සිටියා.
මෙහිදී Rebuilding Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර දිට්වා ආපදා තත්ත්වය වෙනුවෙන් වෙන් කළ මුදල් මෙම මූල්‍ය වර්ෂය තුළම වියදම් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
එමෙන්ම විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුමේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර “රටම එකට” මෙහෙයුම ආරම්භ වූ 2025-10-30 දින සිට මේ දක්වා දිස්ත්‍රික්කය තුළ සිදු කළ වැටලීම් 12608 අනුව විෂ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 119.6ක් අත්ඩඅංගුවට ගෙන ඇති බව හෙළි කළා.
ඒ අනුව දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය ජාලය බිඳ දැමීමේදී සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.



