පෙබරවාරි 4වෙනිදා මේ අයට විශේෂ සුබ පණිවිඩයක්
රැඳවියන් 49 දෙනෙකුට පෙබරවාරි 04 වෙනිදා සමරන 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබේ.
මෙය ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති අනුව හිමි බලතල ප්‍රකාර සිදුකරනු ලබන අතර, බන්ධනාගාරගතව දඬුවම් විඳිමින් සිටින සිරකරුවන්ගේ වසරකට සති 01ක සමාවක් මෙම අවස්ථාවේදී ප්රදානය කරනු ලබයි.
ඊට අමතරව, රුපියල් 75,000ට අඩු දඩ මුදල් නොගෙවීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඩ මුදල් ශේෂයද අහෝසි කෙරේ.