හෙදියක් සිය හිටපු පෙම්වතාගේ බිරිඳට HIV ආසාදිත රුධිරය එන්නත් කරලා
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වූ අතර, එහිදී ප්‍රේම සම්බන්ධතාව බිඳ වැටීමෙන් පසු කාන්තාවක් පළිගැනීමේ උත්සහයක නිරත වී තිබේ.
ඇයට ප්‍රේම කළ පුද්ගලයා වෙනත් කාන්තාවක සමග විවාහ වී තිබිණි. මේ හේතුවෙන් ඔහුගෙන් පළිගැනීම සඳහා එම කාන්තාව රහසිගතව එම පුද්ගලයාගේ බිරිඳට HIV ආසාදිත රුධිරය එන්නත් කර තිබිණි.
වින්දිත කාන්තාවගේ සැමියාගේ විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව, එම සිද්ධිය ජනවාරි 9 වන දින සිදුවූ බවට තහවුරු වී ඇත.
කුර්නූල් දිස්ත්‍රික්කයේ රජයේ රෝහලක සේවය කරන මෙම වෛද්‍යවරිය රැකියාවෙන් පසු තම ස්කූටරයෙන් නිවසට යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී තිබිණි.
ප්‍රධාන විත්තිකාරිය තවත් හෙදියකගේ සහය ඇතිව රජයේ රෝහලක ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් HIV ආසාදිත රුධිරය එකතු කර තිබේ.
පොලිසිය පවසන්නේ, කාන්තාව තම හිටපු පෙම්වතා කෙරෙහි ඇති වූ කෝපය නිසා මෙසේ ක්‍රියා කළ බව ය.