පාර්ලිමේන්තු මන්ත්රී ජගත් මනුවර්ණ වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි නියෝග
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ජගත් මනුවර්ණට සහ තවත් අයෙකුට කොටුව මහේස්ත්රාත් අධිකරණය මඟින් වරෙන්තු නිකුත්කර ඇති බව වාර්තා වේ.
ඒ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නිසා බව සඳහන්.
මෙම නඩු ද්විත්වය 2008 වර්ෂයේ සිට මන්ත්රීවරයාට විරුද්ධව පවතින අතර මීට පෙර මෙම නඩු විභාගයට ගත් විටදී ද මන්ත්රීවරයා අධිකරණයට පැමිණ සිටියේ නැත.
එදින ඔහුගේ නීතිඥවරයා කරුණු දක්වමින් සඳහන් කළේ ඉඩම් බෙදාදීමේ රජයේ නිල වැඩසටහනකට සහභාගී වීම හේතුවෙන් තම සේවාදායකයාට පැමිණිය නොහැකි වූ බවයි.
එහෙත් අද (02) දින නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී ද සැකකාර මන්ත්රීවරයා අධිකරණය මඟහැර සිටීම නිසා ඔහුව වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්රාත්වරයා මෙසේ වරෙන්තු නිකුත් කර ඇත.