රටටම සුභයි වගේ බලන්නකෝ ගැම්ම ජනපති ජපානයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයන් හමුවේ

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) පෙරවරුවේ ජපාන රජයේ ආරාධනයකට අනුව එහි නිල සංචාරයක නිරතව සිටින ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේදී ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සමඟ වට මේස සාකච්ඡාවකට සහභාගී වී තිබේ.

භයානක ලෙඩක් ඒ පාර ඉන්දියාවෙන් බෝවන රෝගයක් හැමෝම පරිස්සමෙන්

භයානක ලෙඩක් ඒ පාර ඉන්දියාවෙන් බෝවන රෝගයක් හැමෝම පරිස්සමෙන්

මෙම සාකච්ඡාවට ජපාන විදේශ වෙළෙඳ සංවිධානයේ (JETRO) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඉෂිගුරො නොරිහිකො (ISHIGURO Norihiko) මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කමිටුවේ (JSLBCC) සභාපති සහ ITOCHU සමාගමේ සභාපති ෆුමිහිකො කොබයාෂි (Fumihiko Kabayashi) මහතා ඇතුළු පිරිසක් එක් වී තිබේ.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී රට තුළ ආයෝජන හිතකර පරිසරයක් ගොඩනඟමින් වංචා සහ දූෂණය පිටුදැකීමට වත්මන් රජය ගෙන ඇති පියවරද පැහැදිලි කර ඇත.

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික හවුල්කරුවකු ලෙස ශ්‍රී ලංකාව සහ ජපානය අතර වෙළෙඳ සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමේ අවශ්‍යතාව සහ එමගින් අන්‍යෝන්‍ය වශයෙන් හිමිවන ප්‍රතිලාභ පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇති අතර මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඔවුහු සමූහ ඡායාරූපයකටද එක් වී තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසූෆ්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඉහළ ගිය රන් මිල - අද මිල ගණන් මෙන්න

ඉහළ ගිය රන් මිල - අද මිල ගණන් මෙන්න

පුතාව අත්අඩංගුවට ගත්තට මාලිමා සභාපති සෙට් එකක් එක්ක පොලිසියට බැහැලා ලොකු යුද්ධයක්

පුතාව අත්අඩංගුවට ගත්තට මාලිමා සභාපති සෙට් එකක් එක්ක පොලිසියට බැහැලා ලොකු යුද්ධයක්