බැංකු ක්ෂේත්‍ර සම්බන්ධයෙනුත් පූර්ව අයවැය සාකච්ඡාවක්, නව රක්ෂණ ගැනත් අවධානය
බැංකු, මූල්‍ය සහ රක්ෂණ ක්ෂේත්‍ර සම්බන්ධ පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (16) දින පවත්වා ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට බැංකු ක්ෂේත්‍රයේ සහාය ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී පුළුල් වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
එසේම ඊට අදාළ අදහස් සහ යෝජනාද ඉදිරිපත් කර ඇත. මේ අතර ඩිජිටල්කරණ වැඩපිළිවෙළ මගින් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පුළුල් කිරීම සහ නව රක්ෂණ ක්‍රම හඳුන්වාදීම ආදිය සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානය යොමුව ඇති බව සඳහන්.
ඒ අනුව මෙම සියලු යෝජනා පිළිබඳ ඉදිරි අයවැයේදී අවධානය යොමු කරන බවයි කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ.
තවද රක්ෂණ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් හට පූර්ව අයවැය සාකච්ඡාවකට ආරාධනා කළ පළමු අවස්ථාව මෙය බව මෙහිදී සඳහන් කළ එම පාර්ශ්වකරුවෝ, එම ආරාධනාව පිළිබඳව ද රජයට තම ප්‍රසාදය පළ කළ බව සඳහන්.