ලෝකෙම හිනස්සපු ප්‍රබල ටික්ටොක් තරුවට කඳුළු පනින්න දුන්න දඬුවම

Report

ලොව විශාලතම ටික්ටොක් තාරකාව බවට පත්ව සිටින කාබි ලාමේ යනු ටික්ටොක් අනුගාමිකයන් මිලියන 162.2ක් සිටින අයෙකි.

කෙසේ වෙතත් ඔහු අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් බලධාරීන්ගේ භාරයට පත්ව ඉකුත් දා එරටින් නෙරපා හැර තිබෙන බවට වාර්තා වේ.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

ඒ තම වීසා කාලසීමාව ඉක්මවමින් අමෙරිකාව තුළ රැඳීසිටීම හේතුවෙන්.

ඒ අනුව වර්තමාන ට්‍රම්ප් පරිපාලනයෙන් ස්ථාපිත කර තිබෙන ආගමන හා රේගු නීති බලාත්මක කිරීමේ ඒජන්සියෙන් ගනු ලැබූ තීරණයක් මත ඔහුව මෙසේ රටින් පිට කර ඇති බව සඳහන්. ලාමේ අත්අඩංගුවට පත්වන විටත් ලාස් වේගාස් හි හැරී රීඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රැඳී සිටි බව පවසයි.

ඉතාලි පුරවැසිභාවය සහිත සෙරින්ගේ කාබානේ ලාමේ පසුගිය කොවිඩ් -19 වසංගත සමයේදී ලොව වඩාත් ජනප්‍රිය තාරකාවක් බවට පත් විය.

ඒ කිසිම අදහස් දැක්වීමකින් තොරව තම මුහුණේ ඉරියව් සහ හැසිරීම් මඟින් ඉදිරිපත් කළ උපහාසාත්මක අංග ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර ප්‍රසිද්ධියට පත් වීමත් සමඟයි.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

ඒ අනුව ඉකුත් අප්‍රේල් 30 වන දින එක්සත් ජනපදයට පැමිණි ලාමේ තම නියමිත වීසා කාලය ඉක්මවා අමෙරිකාව තුළ රැඳී සිට තිබෙනවා.

මෙහිදී ආගමන හා රේගු නීති බලාත්මක කිරීමේ ඒජන්සිය පවසා ඇත්තේ අධිකරණ නියෝගයක් ඔස්සේ රටින් පිටුවහල් කිරීමට පෙර ස්වේච්ඡාවෙන්ම රටින් පිටවීමට අවස්ථාව ලබාදුන් බවයි.

කෙසේ වුවත් යම් ආකාරයකට අධිකරණ නියෝගයකින් රටින් පිටුවහල් කළ අයෙක්ට යළි දශකයක් ගතවන තුරුම එක්සත් ජනපදය වෙත ඇතුළුවීම තහනම් කෙරෙන බවත් වාර්තා වේ.

මැරිලත් සැනසීමක් නැති හැටි.. 241 දෙනාගෙන් 19 ක් හොයා ගෙන..වන්දි දෙන්නේ අනන්‍යතාවය තහවුරු වුණොත් විතරයි

මැරිලත් සැනසීමක් නැති හැටි.. 241 දෙනාගෙන් 19 ක් හොයා ගෙන..වන්දි දෙන්නේ අනන්‍යතාවය තහවුරු වුණොත් විතරයි

එක්සත් ජනපදයේ සිටි කාලයේදී නිව්යෝක් නුවරදී සංවිධාන වූ මෙට් ගාලා විලාසිතා උත්සවයටත් සහභාගී වූ ලාමේ මේ වසරේ ජනවාරි මස සිට යුනිසෙෆ් සංවිධානයේ කීර්තිමත් තානාපතිවරයෙකු ලෙසද පත්කර ඇති බව සඳහන්.

ඒ පාර පුතානෝට කෙළවීම ඉවරයක් නෑ...විපක්‍ෂ නායකකමත් වැට උඩ

ඒ පාර පුතානෝට කෙළවීම ඉවරයක් නෑ...විපක්‍ෂ නායකකමත් වැට උඩ