කිලෝමීටර් 10ක ගැඹුරින් ප්‍රබල භූකම්පනයක්
නිරිතදිග පාකිස්තානයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙන බවට වාර්තා වේ. ඒ අනුව රික්ටර් මාපකයේ ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් මෙම භූකම්පනය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් මෙම භූ කම්පනයට හට ගෙන ඇති බව සඳහන් වේ.
භූකම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
නමුත් තවදුරටත් එම ප්‍රදේශය අවදානම් ප්‍රදේශයක් ලෙස සලකා අනතුරු අවම කර ගැනීමට පියවර ගනිමින් සිටින බවට සඳහන් වේ.